අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර පළාතේ ප්‍රථම වතාවට ගුරු තොරතුරු දත්ත පද්ධතියක් එළි දක්වයි

    මාර්තු 14, 2022

    නැගෙනහිර පළාතේ ප්‍රථම වතාවට ගුරුභවතුන්ගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් සකස් කිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබේ.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සංකල්පයක් මත සකස් කෙරුණු මෙම දත්ත ගබඩා පද්ධතිය (10 දින) ත්‍රිකුණාමලය පිහිටි පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ දී එළි දැක්වූවාය. මේ මගින් පළාතේ සෑම ගුරුවරයෙකුගේම පාසල, ලිපිනය, දුරකතන අංකය, ජාතික හැදුනුම්පත් අංකය, තම නිවසේ සිට පාසලට ඇති දුර ඇතුළු සියළු තොරතුරු ඇතුළත් කර තිබේ. ඊට අමතරව පළාතේ ඇති පාසල් ප්‍රමාණය එම පාසල් වල ඇති ගුරු පුරප්පාඩු ප්‍රමාණය වැනි කරුණුද මෙහි අන්තර්ගත වේ.

    සෑම කොට්ඨාශ කාර්යාලයක් හරහාම මාසිකව මෙම තොරතුරු යාවත්කාලින කිරීමට නියමිතය.කෙසේ වෙතත් මෙම ගුරු තොරතුරු ලබාගත හැක්කේ මෙම දත්ත පද්ධතියට ප්‍රවේශවීමට අවසරය ඇති අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සිටින නිළධාරින්ට පමණි.

    ගුරුවරුන්ගේ ස්ථානමාරුවීම් සහ පාසල් වල තොරතුරු ක්ෂනිකව ලබා ගැනීම සදහා මෙම දත්ත ගබඩා පද්ධතිය උපකාර වන බව මෙහිදි අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය කියා සිටියාය. ඉදිරි කාලය තුළ මෙය තවත් පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසද ආණ්ඩුකාරවරිය නිළධාරින්ට උපදෙස් දුන්නාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අනුරාධා යහම්පත් මහත්මිය මෙසේද පැවසුවාය.

    “ අධ්‍යාපනය අතින් නැගෙනහිර පළාත පිටිපස්සේන්ම ඉන්න පළාතක්. මෙය ඉදිරි කාලය තුළ අපි කෙසේ හො වෙනස් කර ගත යුතුයි. අධ්‍යාපනය සෑම දරුවෙකුටම ගුණාත්මක භාවයකින් ලබාදීලා අපේ පළාත කෙසේ හෝ අධ්‍යාපනය අතින් ඉදිරියට ගන්න ඕනෑ” යැයි ද ආණ්ඩුකාරවරිය කීවාය.

    මේ අවස්ථාවට ප්‍රධාන ලේකම් තුසිත පී.වනිගසිංහ, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජී. දිසානායක , ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya