මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කප්පාදුවකින් තොරව විදුලි සැපයුමක් ලබාදීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙහෙයුම් මැදිරියක්

    මාර්තු 10, 2022

    විදුලිය අත්‍යාවශ්‍ය ස්ථානයන් වෙත කප්පාදුවකින් තොරව විදුලි සැපයුමක් ලබාදීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරන ලෙස විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ අංශවෙත උපදෙස් ලබා දී තිබේ.

    අමාත්‍යවරිය මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ පසුගියදා (08) අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම ‍වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ගයන් පිළිබදව, විදුලිබල අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, වාරිමාර්ග අමාත්‍යාංශය,කර්මාන්ත අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ආදි ආයතන රැසක සහභාගීත්වයෙන් විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

    මෙම මෙහෙයුම් මැදිරිය විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළයුතු බවද අමාත්‍යවරිය එහිදී අදාළ අංශ වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත. පවතින වියළි කාලගුණික තත්ත්වය යටතේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම දුෂ්කර වුවත්, 24 පැයම විදුලි සැපයුමක් අත්‍යාවශ්‍ය රෝහල්, ආරක්ෂක ස්ථාන, ආයෝජන ප්‍රවර්ධන කලාප වැනි ස්ථානයන් වෙත අඛණ්ඩ සැපයුමක් ලබාදීම වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ගයන් අනිවාර්යයෙන්ම නොපමාව ගතයුතු බවත්, ඒ වෙනුවෙන් අදාළ ආයතනයන්ගේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම් මැදිරිය පවත්වාගෙන යනු ලබන බවත්, මෙහිදී අමාත්‍යවරිය විසින් වැඩිදුරටත් අවධාරණය කළාය.

    මෙම සාකච්ඡාවට විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්. සී. ප්‍රනාන්දු, උප සභාපති නලින්ද ඉලංගකෝන්, සාමාන්‍යාධිකාරි ආචාර්ය රොහාන්ත අබේසේකර යන මහත්ම මහත්මීන් ඇතුලු ආයතන ප්‍රධානීන් විශාල පිරිසක් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya