මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝප් කමිටුවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට

    මාර්තු 09, 2022

    නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) පළමු වාර්තාව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් ඊයේ (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    නව වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් කැඳවනු ලැබූ සහ එමගින් විමර්ශනය සිදු කරනු ලැබූ රාජ්‍ය ව්‍යාපාර 12කට අදාළ විමර්ශන මෙම වාර්තාවට ඇතුළත්ව තිබේ.


    ඒ අනුව, සීමා සහිත ස්වාධින රූපවාහිනී මාධ්‍යජාලය, ශ්‍රී ලංකා ඛණිජ තෙල් ගබඩා කිරිම හා බෙදා හැරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව, පොල් සංවර්ධන අධිකාරිය, විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්තමාන තත්වය අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව, ශ්‍රී ලංකාවේ ළමා අපචාර සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ කාර්යභාරය පිළිබඳ විශේෂ විගණන වාර්තාව, සීමාසහිත රක්ෂණ සංස්ථාව, මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවධානම් කලාපවල ජීවත්වන ලවුල් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ කාර්ය සාධනය පිළිබඳ විගණන වාර්තාව , ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසුභාවිත කළමනාකරණය සම්බන්ධයෙන් වූ පරිසර විගණන වාර්තාව, ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ්, පේරාදෙනිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍ය උපාධි ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යන ආයතන වලට අදාල විමර්ශන මෙම වාර්තාවට ඇතුළත් වේ.

    නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය, වාර අවසාන කිරීම හේතුවෙන් සභාගත කිරීමට නොහැකි වූ මෙම වාර්තාව, දෙවැනි සභා වාරයේදී සභාගත කිරීමට කෝප් කමිටුවේ ගරු සාමාජික මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය හිමි විය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya