මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරාධකරුවන් සෙවීමේදී ඔවුන්ගේ පක්ෂ, පාට පිළිබඳ තැකීමට තරම් අපි ප්‍රාථමික වෙන්නේ නැහැ- ජනමාධ්‍ය අමාත්‍ය

    මාර්තු 09, 2022

    මාධ්‍යවේදී චමුදිතගේ නිවසට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධකරුවන් සෙවීමේදී ඔවුන් නිල්ද, කොළද, අපේ පක්ෂයේද, වෙනත් පක්ෂයකද, විපක්ෂයේද වශයෙන් ඔවුන්ගේ පක්ෂ පාට පිළිබද තැකීමට තරම් ආණ්ඩුව ප්‍රාථමික නොවන බවද ඒ පිළිබද විශ්වාසය තබාගන්නා ලෙසද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ( 08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අඳහස් දක්වමිනි.

    චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරය එල්ල වුණු අවස්ථාවේ තමා ජනතා නියෝජිතයෙකු වශයෙන් එම ස්ථානයට ගිය බවද, එම අවස්ථාවේදීද තමා කියා සිටියේ ප්‍රහාරකයන් කවුද යැයි සෙවීමට පොලීසිය යම් ලෙසකින් අසමත් වන්නේ නම් එම ප්‍රහාරයේ වගකීම ආණ්ඩුවට ඒම වළක්වාගත නොහැකි බවයි.

    එම ස්ථාවරය සම්බන්ධයෙන් කිසිදු පැකිළීමක් නැතැයිද, පොලීසියේ වගකීම වන්නේ කිසියම් අපරාධයක් සිදුවුණු පසු අපරාධයේ සුලමුල කුමක්ද යන්න සොයා බලා අපරාධකරුවන් කවුරුන්ද යන්න නිරුවත් කිරීම බවද ඔහු පැවසුවේය. එළඹෙන 14 වනදාට මෙම ප්‍රහාරයට මසක් සපිරෙන බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya