මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදෘෂ්‍යමාන ග්ලෝකෝමාව පරදවමු- ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු 12 දක්වා

    මාර්තු 08, 2022

    ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු මස 06 සිට 12 දක්වා යෙදී ඇත.

    ග්ලෝකෝමාව යනු ඇස තුළ පීඩනය වැඩිවීම නිසා සිදුවන තෙරපීමෙන් දෘෂ්ටි ස්නායුවට හානි වී ඇසේ පෙනුම ක්‍රමයෙන් අඩුවී අන්ධභාවයට පත්වීමයි. අන්ධ භාවයට බලපාන ප්‍රධාන හේතුව ග්ලෝකෝමාවයි. ග්ලෝකෝමාව මුල් අවස්ථාවේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර කල් ඇතිව රෝගය හදුනාගැනීම මගින් පෙනීම ආරක්ෂා කරගත හැකි වෙයි.

    ලෝකයේ ග්ලෝකෝමාව නිසා අන්ධභාවයට පත්වූ ජනතාව මිලියන 4.5කි. තවත් මිලියන ගණනක් අල්ප දෘෂ්ටිකතාවයෙන් පෙලෙයි. මෙම තත්ත්වය වයස අවුරුදු 40ට වැඩි අයගේ බහුලව දක්නට ලැබෙන අතර වැඩිහිටි ජනගහනය වැඩිවීමත් සමග ග්ලෝකෝමාව රෝගීන් ප්‍රමාණයද වැඩිවී ඇත. අප රටෙහිද මෙම රෝගී තත්ත්වය හේතුකොට ගෙන දහස් ගණනක් අන්ධ භාවයට පත්වී ඇති අතර දහස් ගණනක් අල්ප දෘෂ්ටිකතාවයෙන් පීඩා විදිති.

    ඔබ වයස අවුරුදු 40ටවැඩි නම්, පවුලේ අයෙකුට ග්ලෝකෝමාව ඇතිනම්, අවිදූර දෘෂ්ටිකත්වය ඇතිනම්, දියවැඩියා රෝගය ඇතිනම්, ඇසට අනතුරක් සිදුවී ඇතිනම් හෝ ස්ටිරොයිඩ ඖෂධ භාවිතා කරන්නේ නම් ග්ලෝකෝමාව පිළිබදව සැලකිලිමත් වීම වැදගත් වෙයි.

    දෙමාපියන්ගෙන් කෙනෙකුට ග්ලෝකෝමාව ඇති විට එම රෝගය වැළදීමේ අවදානම පස් ගුණයකි. සහෝදර සහෝදරියන්ගෙන් කෙනෙකුට රෝගය ඇති විට අවදානම නව ගුණයකි. වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයින්ට, ඇස් යට තැල්මක් ඇතිවුණු අයට මෙන්ම ඉතා ඝනකම් උපැස් පළදින පුද්ගලයින්ට ග්ලෝකෝමා රෝගය වැළදීමේ වැඩි අවදානමක් පවතී. එවැනි අය වසරකට වරක්වත් ග්ලෝකෝමාව සදහා ඇස් පරීක්ෂා කරගැනීම වැදගත් වෙයි. දියවැඩියා රෝගීන්ගේ අක්ෂි පරීක්ෂාවේදී ග්ලෝකෝමා රෝගය සදහාද පරීක්ෂා කරගත යුතුය.

    දෘෂ්ටි ස්නායු පරීක්ෂාව සිදුකිරීමෙන්, ඇසේ පීඩනය මැනීම මගින්, ඇසේ දෘෂ්ටි පරාසය මැනීම මගින් මෙන්ම ස්නායු සදහා OTC පරීක්ෂාව මගින් ග්ලෝකෝමාව හදුනාගැනීමේ හැකියාව පවතී. ඖෂධ ප්‍රතිකාර, ලේසර් කිරණ ප්‍රතිකාර සහ ශල්‍ය ප්‍රතිකාර ග්ලෝකෝමාව පාලනය කරගත හැකි ක්‍රම වශයෙන් පවතී.

    ග්ලෝකෝමා සතිය වෙනුවෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (07) කොළඹ ජාතික අක්ෂි රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර ඒ සදහා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න, ශ්‍රී ලංකා අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කේ. ඒ. සැල්වින් යන විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් සහභාගී වූහ.

    මුල් අවධියේ හදුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් දෑසේ පෙනුම ආරක්ෂා කරගත හැක... නිසි සැලකිලිමත්භාවයෙන් දෑස් පණමෙන් සුරකිමු... ග්ලෝකෝමාවෙන් සිදුවන අන්ධ භාවය දුරලමු.

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya