මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණය මගින් පාලනයට හැකි වුණා- ජනපති කියයි

    පෙබරවාරි 27, 2022

    රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහ මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.


    නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් (25) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති “සර්ව එන්නත්කරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ තේමාත්මක විවාදය” අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    ගෝලීය වශයෙන් එන්නත් ලබාගැනීමේ හැකියාවේ අසමානතා පවතින අවස්ථාවක, නව ප්‍රභේද මතුවීමේ භයානක සම්භාවිතාවක් පවතින බව පෙන්වා දුන් රාජපක්ෂ මැතිතුමා සෑම තැනකම, සෑම කෙනෙකුටම එන්නත්කරණය සිදු කිරීම වසංගතයෙන් මිදීමට ඇති හොඳම මාර්ගය බව රාජ්‍ය නායකයන් හමුවේ යළි අවධාරණය කළේය.

    එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහීඩ් (Abdulla Shahid) සහ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහත්වරු විවාදය සමාරම්භයේ අදහස් දක්වමින් කොවිඩ් එන්නත්කරණයේ ඇති වැදගත්කම සහ විවිධ රාජ්‍යයන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ සඳහන් කළහ. විවාදයේ පළමුවන වටයේ දී එන්නත් නිෂ්පාදනයේ දී සහ බෙදාහැරීමේ දී මතුව ඇති අභියෝග, ගුණාත්මකභාවය, අඩු ආවරණයක් සහිත රටවල අවශෝෂණ ධාරිතාව, බෙදාහැරීමේ අනුපාතය වැඩිදියුණු කිරීම සහ සැපයුම් පුරෝකථනය සහතික කිරීම පිළිබඳ කතිකාවට ලක් කෙරිණ.

    විවාදයේ දෙවන වටයේ දී වර්තමාන අභියෝග ජය ගැනීමට අවශ්‍ය නවෝත්පාදන සහ විසඳුම් හඳුනාගැනීම සිදුකරන අතර ගෝලීය එන්නත්කරණ සඳහා වේගවත්ව ක්‍රියාත්මක වීම අපේක්ෂා කරයි.
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, මානව හිමිකම් මහ කොමසාරිස්තුමිය, එන්නත් සන්ධානය වන ‘ගවි’ (GAVI) හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සෙත් බර්ක්ලි (Seth Berkley) සහ රාජ්‍ය නායකයන් රැසක් සමුළුව ඇමතූහ.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya