මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාරාහේන්පිට Milco කර්මාන්ත ශාලාව ජනාධිපති නිරීක්ෂණය කරයි

    පෙබරවාරි 25, 2022

    නාරාහේන්පිට Milco කර්මාන්ත ශාලාව අද (25) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    කර්මාන්ත ශාලා පරිශ්‍රයට පැමිණි ජනාධිපතිතුමා ආයතනයේ නිෂ්පාදන, ඇසුරුම් හා බෙදාහැරීම් අංශවලට ගොස් එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ විමසා බැලීය.

     1956 වර්ෂයේ දී ඇරඹි ජාතික කිරි මණ්ඩලය 1986 දී මිල්කෝ බවට පත් කෙරිණ. පළමු අදියර යටතේ පැස්ටරීකරණය කරන ලද කිරි නිපදවීමට පමණක් සීමා වී තිබූ Milco ආයතනය මේ වන විට යෝගට්, අයිස්ක්‍රීම් හා කල්කිරි වැනි කිරි හා කිරි ආශ්‍රිත නිපැයුම් සිදු කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් කර තිබේ.

    අඹේවෙල, දිගන, පොළොන්නරුව හා නාරාහේන්පිට පිහිටා ඇති කර්මාන්ත ශාලා 04ක 1,500කට ආසන්න කාර්යය මණ්ඩලයකින් යුත් ආයතනයේ දෛනික කිරි ධාරිතාවය ලීටර් 50,000කි.

    තරඟකාරී මිලක් යටතේ ගොවීන්ගෙන් දියර කිරි මිලට ගන්නා බවත්, ගොවීන්ගේ සුබසාධන කටයුතු සඳහා ද තමන් මැදිහත් වන බව ආයතනයේ පාලනාධිකාරිය පවසයි.

     අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා සහ සාමාන්‍යාධිකාරී සුදත් සමරවීර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya