මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් ඇමති නවදිල්ලි නුවර සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව අමතයි

    පෙබරවාරි 23, 2022

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නවදිල්ලියේ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව අතථ්‍ය හමුවක් මගින් 2022 පෙබරවාරි 18 වැනි දින ඇමතී ය.

    පෙබරවාරි මස අවසන් සතියේ ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ එළැඹෙන 49 වැනි සැසිවාරයට පෙර සිදු කෙරෙන අඛණ්ඩ ක්‍රියාකාරකම්වල අංගයක් ලෙස, මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය හා සබැඳි කටයුතුවල ප්‍රගතිය
    පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම මෙම දැනුවත් කිරීමේ අරමුණ විය.

    වත්මන් ප්‍රගතිය පිළිබඳ කරුණු හුවමාරු කරගැනීම සඳහා අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද දැනුම්වත් කිරීමේ කටයුතුවල අඛණ්ඩ ක්‍රියාදාමයක් ලෙස, නවදිල්ලියේ සිටින ශ්‍රී ලංකාව සඳහා අක්ත ගන්වන ලද දූත මණ්ඩල ප්‍රධානීන් දැනුම්වත් කිරීම සඳහා ලැබුණු මෙම අවස්ථාව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමාගේ ඇගයුමට ලක් විය. මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන සඳහා නියෝජිතයින් 83 දෙනෙකු සහභාගී විය.

    2021 වර්ෂයේ සැප්තැම්බර් මස පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුර දී, මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සහ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම තමන් යළිදු අවධාරණය කළ බව, අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේ ය. මෙම සන්දර්භය තුළ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගීතාවයෙන් සහ සංවාදශීලී අයුරින් ඵලදායී ලෙස සම්බන්ධ වීම පිළිබඳව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    වන්දි ගෙවීමේ කාර්යාලය (OR), ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලය (ONUR), අතුරුදන් වූවන්ගේ කාර්යාලය (OMP), ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) සහ තිරසාර සංවර්ධන කවුන්සිලය (SDC) යනාදී දේශීය ආයතනවල ක්‍රියාකාරිත්වය හේතුවෙන් ශ්‍රී ලංකා රජය වගවීම, ප්‍රතිස්ථාපන යුක්තිය සහ අර්ථවත් ප්‍රතිසන්ධානය අරමුණු කරගනිමින් වැදගත් පියවරක් තබා ඇති බව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා පැවසී ය.

    ජාත්‍යන්තර සම්මතයන්ට සහ හොඳම භාවිතයන්ට අනුකූලව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර 43කට පසුව සංශෝධනය කෙරෙන බව, අමාත්‍යවරයා මෙහිදී විශේෂාකාරයෙන් දන්වා සිටියේ ය. මාස කිහිපයක් මුළුල්ලේ පවත්වන ලද දීර්ඝ සාකච්ඡාවලින් පසුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන බව පැහැදිලි කළ ඇමැතිවරයා, එහි යෝජිත සංශෝධන වඩාත් පුළුල් ත්‍රස්ත විරෝධී පනතක් ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ ආරම්භක පියවරක් බව අවධාරණය කළේ ය.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වැදගත් සංශෝධන අතරට රැඳවුම් නියෝග, සීමා කිරීම් නියෝග, නියෝග පිළිබඳ අධිකරණ සමාලෝචනය කඩිනමින් පිළිගැනීම, දීර්ඝ කාලීනව රඳවා තබාගැනීම වළක්වාගැනීම සඳහා චෝදනා එල්ල වූවන්ගේ නඩු කඩිනමින් බැහැර කිරීම, ප්‍රකාශනයේ නිදහසට බාධා වන වගන්ති අවලංගු කිරීම සහ මහේස්ත්‍රාත්වරුන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට ප්‍රවේශ වීම සඳහා විධිවිධාන හඳුන්වාදීම, රැඳවුම් කාලය තුළ වධහිංසා පැමිණවීම හා අපයෝජන සිදු වීම වැළැක්වීම, පවුලේ සාමාජිකයන් සමඟ සන්නිවේදනය කිරීමේ අයිතිය, දිගුකාලීන රැඳවියන්ට ඇප ලබා දීම සහ නඩු එදිනෙදා විභාග කිරීම ආදී වැදගත් සංශෝධන ඇතුළත් ය.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කොමිසම (COI) මගින් අවධානය යොමු කෙරෙන වගවීමේ ක්‍රියාවලිය පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍ය පීරිස් මහතා, පළමු අතුරු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කොට ඇති බවත්, දෙවැනි අතුරු වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවත් දැනුම් දුන්නේ ය.

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හා සබැඳි යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා පත් කළ 9 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය. විද්වත් කමිටුවේ මූලික උපදේශන කටයුතු අවසන් කර ඇති බවත්, එම යෝජනා නුදුරේදී ම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඉන් අනතුරුව, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් මත පදනම් වූ පුළුල් මහජන අදහස් විමසීම් සිදු කිරීමට නියමිත බවද එතුමා පැවසී ය.

    විමසීම්වලට ප්‍රතිචාර සැපයූ විදේශ අමාත්‍යවරයා, නවදිල්ලියේ සිටින නියෝජිතයන් සමඟ පවත්නා ඵලදායී සබඳතාව අගය කළ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ අනෙකුත් බහුපාර්ශ්වික සංසද හමුවේ ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගීතාව අපේක්ෂා කළේ ය.

    විදේශ අමාත්‍යංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya