මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයතන කිහිපයක් ඉදිරි දිනවල කෝප් කමිටුව හමුවට

    පෙබරවාරි 15, 2022

    එළඹෙන දිනවලදී ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුවට) කැදවා ඇත.

    පසුගිය සභාවාරයේ කැඳවීමට නියමිතව තිබූ එහෙත් කැඳවීමට නොහැකි වූ ආයතන ද මේ අතර වේ.

    මේ අනුව ලබන පෙබරවාරි 23 වැනිදා භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය ද පෙබරවාරි 24 වැනිදා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ද කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. මේ අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලය මාර්තු 10 වැනිදා ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මාර්තු 11 වැනිදා ද කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත.

    තවද මාර්තු 23 වැනිදා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ද මාර්තු 24 වැනිදා අපනයන සංවර්ධන මණ්ඩලය ද මාර්තු 25 වැනිදා මහජන බැංකුව ද කෝප් කමිටුවට කැදවා ඇත. 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව පසුගිය 10 වැනිදා පැවති පළමු කෝප් රැස්වීමේදී නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා නැවත තේරී පත්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya