මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට දෛනික සංචාරක පැමිණීම ඉහළ යයි

    පෙබරවාරි 15, 2022

     පසුගිය සෙනසුරාදා (12) මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 4,677ක්...

    මෙරට දෛනික සංචාරක පැමිණීම් සංඛ්‍යාව ඉහළ යයි. ඒ අනුව මේ වසරේ පෙබරවාරි 12 වෙනිදා දක්වා පැමිණි වැඩිම සංචාරක පැමිණීම පසුගිය සෙනසුරාදා වාර්තා වු අතර එදින (12) මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 4677 කි. පසුගිය වසරේ එක්දිනක්  ඇතුළත මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව වාර්තා වුයේ පසුගිය දෙසැම්බර් 25 වෙනිදායි. එදින මෙරටට පැමිණි සංචාරකයන් ගණන 4,829 ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.


    මේ මාසයේ මුල් දින 12 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 39,621 කි. දෛනික පැමිණීම් පිළිබද සළකා බැලීමේ දි පෙබරවාරි 12 වන දින සංචාරකයන් 4776 දෙනෙකු පැමිණ ඇති අතර 05 වන දින සංචාරකයන් 4087 දෙනෙකු පැමිණ තිබේ. මෙම කාලය තුළ දෛනිකව සංචාරකයන් 3000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා තහවුරු කරයි.

    සංචාරකයන් වැඩි වශයෙන් මේ දිනවල මෙරටට පැමිණෙන්නේ යුරෝපා රටවලිනි. යුරෝපා රටවල් ආශ්‍රිතව සංචාරකයන් ගෙන්වා ගැනීම සදහා ක්‍රියාත්මක කළ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ඊට හේතු වි ඇති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ප්‍රංශය, රුසියාව වැනි රටවල ගුවන් සමාගම් මෙරට සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිම ද මේ තත්ත්වයට හේතු වි තිබේ. මේ දිනවල ශීත කාලගුණය සහිත රටවල සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීම සදහා මෙම ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya