මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

    පෙබරවාරි 06, 2022

    ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක කොමදෝරු ඩිඩික් කුර්නිආවන් මහතා (Commodore Didik Kurniawan) (පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

    කොමදෝරු ඩිඩික් කුර්නිආවන් ඉන්දියාවේ නවදිල්ලීයේ පිහිටි ඉන්දුනීසියානු ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්තව ‍ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක, උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

    තවද, මෙම අවස්ථාව සඳහා කොළඹ, ඉන්දුනීසියානු ජනරජ තානාපති කාර්යාලය සහ ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ඉන්දුනිසියානු ජනරජ තානාපති කාර්යාලය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙක්ද (02) සහභාගී වී සිටින ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya