මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආර්ථිකය නඟා සිටුවීමට රුවන් පුරයෙන් ශක්තියක් ලබාදෙනවා - ප්‍රවාහන අමාත්‍ය  

    ජනවාරි 31, 2022

    පසුගිය කාලපරිච්ඡේදයේදී කොරෝනා වසංගතය හේතුවෙන් කඩාවැටුණු ආර්ථිකය ගොඩනැංවීමට රුවන්පුරයේ මැණික් කර්මාන්තය ඉදිරියේදී ශක්තියක් වනබව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි .

    අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කලේ රුපියල් මිලියන 950 ක වියදමකින් ඉදිකරන 'මිණිපුර සිටි ' මැණික් හා වෙලඳ මධ්‍යස්ථානයට මුල්ගල තැබීම නිමිත්තෙන් පැවති උත්සවය අවස්ථාවේදීය.

    මහල් 7කින් යුතු මෙම මධ්‍යස්ථානයේ මැණික් අලෙවි කිරීමේ වෙලඳසල්20 ක්,සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක්,නවීන තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවක්, අවන්හල්, රථගාල් කිහිපයක් පිහිටුවීමට සැලසුම් කරඇත .

    මෙම අවස්ථාවේදී තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය :

    පසුගිය දිනක ගරු ජනාධිපතිතුමා රත්නපුර නගරයේ කරන ලද සංචාරයේදී රත්නපුර නගරයේ සංවර්ධන කටයුතු කඩිනම් කරන මෙන් උපදෙස් ලබාදුන්න.ඒ අනුව අදියර කිහිපයකින් සිදුකරනු ලබන නගර සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට මේ වනවිට ආරම්භකර තිබෙනවා .ඉන් එක් අවස්ථාවක් ලෙස මෙම මැණික් හා වෙලඳ මධ්‍යස්ථානය හැඳින්විය හැකියි .

    මෙම මධ්‍යස්ථානය තුළ ජාත්‍යන්තර වශයෙන් මැණික් ව්‍යාපාර කටයුතු සිදුකිරීමට අවශ්‍ය මාර්ගගත පහසුකම් සලසා තිබෙනවා .ඒ අනුව රත්නපුර මැණික් ව්‍යාපාරිකයන්ට තමන්ගේ මැණික් වලට හොඳ මිලක් ලබාගැනීමට හැකිවෙනවා , එමෙන්ම රජයට විදේශ විනිමය ලැබෙනවා.

    එමෙන්ම කිසිම ණය මුදලක් නොගෙන මෙම ගොඩනැගිල්ල රත්නපුර මහ නගර සභාවෙ මුල්‍ය ප්‍රතිපාදන වලින් ඉදිකිරීම පිලිබඳව නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා ඇතුළු සියලුම මන්ත්‍රී මන්ඩලයටත් නගර සභාවෙ කාර්ය මන්ඩලයටත් මාගේ ගෞරවනීය ස්තුතිය පලකරනවා.

    මෙම අවස්ථාවට සුළු අපනයන ⁣බෝගරාජ්‍යඅමාත්‍යජානකවක්කුඹුර,සබරගමු පලාත් සභාවේ සභාපති කංචන ජයරත්න, රත්නපුර මහනගර සභාවෙ නගරාධිපති ටිරෝන් අත්තනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya