මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා තැපෑල සහ සණස එක්ව වාහන රක්ෂණ හිමිකම් ලබා දීමේ වැඩසටහනක්

    ජනවාරි 27, 2022

    ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ සකසුරුවම් සහ ණය ගනුදෙනු පිළිබඳ (සණස) සමුපකාර සමිතියේ රක්ෂණ සමාගම එක්ව දිවයිනේ පිහිටි තැපැල් කාර්යාල මගින් තුන්වන පාර්ශ්වයේ වාහන රක්ෂණ හිමිකම් ලබා ගැනීමේ ඒකාබද්ධ වැඩසටහන දියත් කිරීම අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදු කෙරිණී.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාගේ ප්‍රධානත්වයෙන් නව රක්ෂණ වැඩසටහන නිල වශයෙන් ජනතා ගතකිරීම සිදු විය.

    ඒ අනුව වාහන සඳහා සණස රක්ෂණ සමාගමේ තුන්වන පාර්ශවයේ රක්ෂණ හිමිකම් ගෙවීම් තැපැල් කාර්යාලවලින් සිදු කිරීමේ හැකියාව අද සිට ක්‍රියාත්මක කෙරෙන අතර මුදල් ගෙවීමෙන් මසකට පසුව එම හිමිකම් කාඩ්පත තැපැල් මගින් නිවසට ලබා දීම සිදු කෙරේ.

    මෙම ක්‍රියාවලිය සංකේතවත් කරමින් අද එක් සේවාදායකයකු රක්ෂණ හිමිකම සඳහා ලියාපදිංචි කරවීමද සිදු කෙරිණි.

    ඉදිරියේදී කෘෂීකර්මාන්තය ඉලක්ක කර ගනිමින් රක්ෂණාවරණයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මෙම උත්සවයට එක් වෙමින් සණස සාමාන්‍ය රක්ෂණ සමාගමේ සභාපති ටිෂාන් සුබසිංහ මහතා කියා සිටියේය.

    එමෙන්ම භාණ්ඩ අපනයනය කරන පිරිස් සඳහාද මෙවැනි රක්ෂණ ක්‍රමයක් යෝජනා කරන බවද ඒ මහතා තවදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya