මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ වර්ෂයේ අවසානයට ප්‍රථම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට ලබාදීමට රජය උපරිම උත්සහ දරනවා - අමාත්‍ය ජී.එල්.පීරිස්

    ජනවාරි 25, 2022

    මෙම වර්ෂයේ අවසානයට ප්‍රථමව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට ලබාදීමට වත්මන් රජය උපරිම උත්සහ දරණ බවත් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂ මේ වැඩපිළිවෙළට ඝෘජුව සම්බන්ධ කර ගැනීම රජයේ අපේක්ෂාව බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහි දී අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා අදහස් දක්වමින්;
    “අද ප්‍රවෘත්තියක් පලවෙලා තිබෙනවා විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශයක් කරලා අද රට මුහුණපාන අභියෝග මධ්‍යයේ එක්තරා විදිහක ආඥාදායකත්වයක් සුදුසුයි කියලා. මම දන්නෑ නිවැරදි ප්‍රවෘත්තියක්ද කියලා. හැබැයි එහෙම ප්‍රකාශයක් කළා නම් අපි ඒ අදහස කිසිසේත් අනුමත කරන්නේ නෑ. අද රටේ පමණක් නොව ලෝකයේ පවතින කොවිඩ් 19 වසංගතය පිළිබඳ තත්වය අපේ රජයේ කිසිසේත් හේතුවක් හෝ සාධකයක් හැටියට ඉදිරපත් කරන්නේ නෑ ආඥාදායකත්වයක් ඇති කිරීමට. අපේ දර්ශනයට ඒක සම්පූර්ණයෙන් පටහැනි.එහෙම කිසිම දෙයක් කිරිමට අපි උත්සහයක් දරන්නේ නෑ. සම්පූර්ණයෙන්ම අනවශ්‍ය දෙයක් ඒක.

    ප්‍රජාතන්ත්‍රවාදය තුළ අපේ රටේ අභියෝග ජයගැනීමට ගෝඨාභාය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයට සැලැස්මක් හා හැකියාවක් තිබෙනවා. එයට හොඳම නිදර්ශනය තමයි එන්නත්කරණය. අද ලෝකයම පිළිගන්නවා ශ්‍රි ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ අතිශයින් සාර්ථකයි කියලා. ඒ නිසා තමයි මේ ප්‍රමාණයට මේ රෝගය අපේ රට තුළ පාලනය කරගැනීමට හැකිවෙලා තිබෙන්නේ. හැබැයි ඒ මාත්‍රා තුන දීම කළේ සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යුහයක් තුළයි. ඒ නිසා අපේ දැඩි විශ්වාසයක් තිබෙනවා ආඥාදායකත්වයක්, ප්‍රජාතන්ත්‍රවාදි නිදහස්වලට පටහැනිව ක්‍රියා කිරීම ඒ අගයන් ආකල්පයන්ගෙන් බැහැරවීම කිසිසේත් උචිතත් නෑ අවශ්‍යයත් නෑ කියලා.

    හැබැයි අපේ යම් යම් අඩුපාඩු හදාගන්න ඕන. නව වසරක් උදාවන මොහොතේ පසුවිපරම් කිරීම අපේ සංස්කෘතියට සම්පූරණයෙන්ම අනුකූල දෙයක්. අපේ අඩුපාඩු හදාගන්නවානම් අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අතිගරු ජනාධිපතිතුමා හැම ඇමතිවරයෙක්ටම විෂය පථයක් භාර දිලා තිබෙනවා. එනයින් කාර්ශයක්ෂම ආණ්ඩුවක් ගෙනයාම සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි ඇමතිවරු තමන්ට භාර දී තිබෙන විෂය පථයට සීමාවෙලා ඒ සීමාව තුළ උපරිම ශක්තිය යොදලා ප්‍රතිපල පෙන්වන්න ඕන” යනුවෙන් කියා සිටි හෙතෙම මෙසේ ද පැවසුවේය.

    එනම්, “එක් ඇමතිවරයෙක් අනිත් ඇමතිවරයාගේ විෂය හා විෂය පථය පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම, අදහස් ප්‍රකාශ කිරීම නිසි පාලන තන්ත්‍රණයකට ගැලපෙන ක්‍රියාමාර්ගයක් වන්නේ නෑ. සාමුහික වගකීම කියන්නේ රජයේ සියලු තීරණ සම්බන්ධයෙන් රජයේ ඇමතිවරු කොටස්කරුවන් වගකීම භාරගත යුතුයි. දැන් එහෙම කරනවානම් අපිට ඉතිරිවෙලා තිබෙන කාලය තව අවුරුදු 03 ක් තිබෙනවා. සමහර අය කතා කරන්නේ හෙට අනිද්දා මැතිවරණයක් තිබෙනවා කියලා. ඒ අවුරුදු 03 නිසිපරිදි පාවිච්චි කරමින්, අපි අවංක ක්‍රියාමාර්ගයකට යනවා. ඒ අවුරුදු 03 කාලය තුළ අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපිට ඕනරම් අවකාශ තිබෙනවා. ඒ නිසා අපි දැන් කලයුත්තේ මේ අවුරුදු 03 උපරිම ලෙස පාවිච්චි කරන්න ඕන සාමුහිකව ඇපකැපවීම තුළයි. මේ සඳහා අපි සියලු දෙනා ඒකා මෙන් කැපවෙන්න කියන ආයාචනය තමයි මම කරන්නේ” යනුවෙනි.

    මෙම අලුත් අවුරුද්දට යම් යම් නැවුම් වැඩපිළිවෙළක් රජය සතුව තිබෙන බවත්, ජනාධිපතිවරයා විසින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට ලබා දෙනවා ය යන්න ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බවත්, මේ සඳහා විද්වත්
    කමිටුවක් පත් කරලා තිබෙන බවත්, එම කමිටුවේ වැඩකටයුතු අවසාන වෙමින් පවතිනවා අතර මාසයක් දෙකක් යද්දී එය සම්පූර්ණ කොට එකී විද්වත් කමිටුව සකස් කරන යෝජනා රජයට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙන බවත් මෙහි දී අමාත්‍යවරයා විසිනම් අවධාරණ කර සිටියේය.

    එමෙන්ම, මෙමවිද්වත් කමිටුව විසින් රජයට ඉදිරිපත් කරන යෝජනා ඉන්පසුව පාර්ලිමේන්තුවේ සමාලෝචනයට භාජනය විය යුතු අතරම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරම්පරා ගණනක් පවතින නීතියක් ද වන නිසා එලෙස නිතියක් සාර්ථක වීමට නම් පූළුල් එකගත්වයක් තිබිය යුතු බවත්, සියලුම දේශපාලන පක්ෂ මෙම වැඩපිළිවෙළට ඝෘජුව සම්බන්ධ කර ගැනීම රජයේ අපේක්ෂාව වන බවත් හෙතෙම සඳහන් කරන ලදුව රජය විසින් එකී වැඩපිළිවෙළට විශේෂ ප්‍රමුඛත්වයක් ලබාදෙන බවත්, මෙම වසර අවසානයට ප්‍රථමව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට ලබාදීමට බලාපොරොත්තුවෙන බවත්, ඒ සඳහා උපරිම උත්සහය දරණ බවත් එකී ක්‍රියාදාමය තුළ වැදගත්ම දේ වන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම බවත් එහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya