මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ගිවිසුම පෙබරවාරි 08 සභාගත කරනවා - බලශක්ති අමාත්‍ය

    ජනවාරි 20, 2022

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම පෙබරවාරි 08 වනදා සභාගත කිරීමට බලාපොරොත්තු වන බවත් මෙතරම් පාරදෘෂ්‍ය ආකාරයට අත්සන් කළ කිසිදු ගිවිසුමක් ලක් ඉතිහාසයේ නොමැති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද(20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා (18) ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව ආණ්ඩු පක්ෂය ගෙන එන කල්තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයාමේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ, අද අප සිටින්නේ කොරෝනා නිසා පමණක් ඇති වූ ආර්ථික අර්බුදයක් නිසා නොව 1955 සිටම ණය ගනිමින් ආදායමට වඩා ණය ගැනීම නිසා ඇති වූ ආර්ථික අර්බුදය නිසා බව පෙන්වා දුන්නේය.

    මාර්තු මාසය වන විට පංච මහා අර්බුදයකට මුහුණ දිය හැකි බව තමා අනතුරු ඇග වූ බව කී අමාත්‍යවරයා, පක්ෂ භේදයකින් තොරව සෑම දෙනාම මෙම ආර්ථික අර්බුදයට දායක වී ඇතැයි සඳහන් කළේය. ඉතිහාසයේ සෑම ආණ්ඩුවක්ම මෙම අර්බුදයට දායකත්වය ලබා දී ඇතැයිද කීය. පක්ෂ භේද පසෙක තබා මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ යා යුතු බවත් ඒ් සඳහා ජාතික වැඩපිළිවෙළක් ජනගත කළ යුතු බවද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂය බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් චෝදනා කරන බවද කීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya