මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන්යානාවලට අවශ්‍ය ඉන්ධනවල කිසිදු හිඟයක් නැහැ- රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක

    ජනවාරි 20, 2022

    දැනට බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ඉන්ධන අර්බුදය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හෝ මෙරට ගුවන් සේවාවට කිසිසේත්ම බල නොපාන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

    මේ වන විටත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ඉදිරි මාස එකහමාරකට අවශ්‍ය ඉන්ධන සංචිතයක් පවතී. ගෙවී ගිය සතියේ ද ඩොලර් මිලියන 32ක් ගෙවමින් ඉදිරියට අවශ්‍ය ඉන්ධන මිළදී ගැනීමට ඇණවුම් ලබා දී ඇත. ඉන්ධන මිළ දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිතයක් ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු වේ.

    ඒ අනුව මෙරට ගුවන් සේවා සදහා සපයනු ලබන සේවාවන් කිසිවිටකත් අඩාල නොවන ලෙස පවත්වාගෙන යාමට තම අමාත්‍යාංශය පියර ගෙන ඇතැයිද රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya