අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභවප්‍රාප්ත හිටපු ගුවන් හමුදාපතිගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    ජනවාරි 19, 2022

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාපති, අභාවප්‍රාප්ත විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද මෙන්ඩිස් මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

     

    ඒ මහතාගේ දේහය තැන්පත් කොට ඇති ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාව වෙත අද (19) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දක්වා පවුලේ ඥාතීන් වෙත තම සංවේගය පළ කළේය.

    රාජකීය ලංකා ගුවන් හමුදාවේ පස්වන ආධුනික නිලධාරියා ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ මෙන්ඩිස් මහතා බ්‍රිතාන්‍යයේ දී ගුවන් නියමු උපදේශක තනතුර හා පියාසර උපදේශකයෙකු ලෙස පුහුණුව ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක් වෙයි.

    හරිප්‍රසාද මෙන්ඩිස් මහතා 1971 වසරේ දී රාජකීය ලංකා ගුවන් හමුදාවේ සිව්වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත් විය. 1972 දී රාජකීය ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පරිවර්තනය වීමත් සමග එහි පළමු ගුවන් හමුදාපතිවරයා වූයේ ද ඒ මහතා යි.

    ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya