අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වෙයි

    ජනවාරි 17, 2022

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 340,508 ක් අ.පො.ස. උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් 345,242 ක්

    2021 පවන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි මස 22 දින දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,943 කදී පැවැත්වේ. සිංහල මාධ්‍ය අයදුම්කරුවන් සංඛ්‍යාව 255,062 ක් වන අතර දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් සංඛ්‍යාව 85,446 ක් වේ. මේ සඳහා ඉදිරිපත් වන සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 340,508 කි.

    2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2022 පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු මස 05 දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,438 කදී පැවැත්වේ. පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 279,141 ක් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 66,101 ක් වේ. මේ සඳහා ඉදිරිපත් වන සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 345,242 කි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya