අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රි ලංකාවේ එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මකයි - බුස්ටර් මාත්‍රාව ලබා ගැනීම ඉතාම වැදගත්- විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

    ජනවාරි 14, 2022

    ශ්‍රි ලංකාවේ එන්නත්කරණය  සාර්ථකව ක්‍රියාත්මක  බවත් පළමු එන්නත් මාත්‍රාව සහ දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගැනීමට ජනතාවට හොඳ උනන්දුවක් තිබූ බැවින් විශාල ප්‍රතිශතයකට එන්නත් මාත්‍රා 02ක් ලබා දීමට හැකි වූ බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

    විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසුවේ , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ   (13) පැවති කොවිඩ් -19 බුස්ටර් එන්නත නැතිව බැරි ඇයි? යන මාතෘකාව යටතේ ජනතාව දැනුවත් කිරීමට පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි..

    වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටියේ , එන්නත් මාත්‍රා ලබා දීමෙන් කොවිඩි ආසාදනය වන රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබුනත් පසුගිය සති දෙකක පමණ සිට නැවතත් කොවිඩ් -19 ආසාදිත රෝගීන්ගේ යම්කිසි වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

    ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවී ඇති බවත් මෙම ප්‍රභේදය ඉතා පහසුවෙන් පැතිරෙන බවත් මෙයින් ඇතිවන සංකූලතා අඩුවුවත් විශාල පිරිසකට මෙම රෝගය පැතිරෙන බවත් මේ නිසා ඉදිරියේදි ලංකාව අවධානම් තත්ත්වයකට පත්වන බවත් තවත් රැල්ලක් ඇති වීමටද අවස්ථාවක් මේ කාලයේදී තිබෙන බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කීය.

    මේ තත්ත්වයෙන් වැළකීම සදහා ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග නිසි ආකාරයෙන් අනුගමනය කළ යතු බවත් දෙඅත් සේදීම,මුඛ ආවරණ නිසිලෙස පැළදීම,ජනතාව එක් රැස්වන ස්ථානවලට අනවශ්‍ය ලෙස නොයෑම කළ යුතු බවද අවධාරණය කළේය.

    බුස්ටර් මාත්‍රාව ලබා ගැනීම ඉතාම වැදගත් බව පැවසු ආනන්ද විජේවික්‍රම මහතා , කාලයත් සමග අප ලබා ගත් එන්නතේ ප්‍රතිශතය ක්‍රමයෙන් අඩු වී යන බවත් එනිසා ප්‍රතිශතය වැඩිදියුණු කිරීමට බුස්ටර් මාත්‍රාව අනිවාර්ය බවද එයින් ඔමික්‍රෝන් වැළදීමේ සම්භාවිතාව අඩු වනවා සේම සංකූලතා ඇතිවීමද අවම මට්ටමේ පවතින බවත් මරණයට පත්වීමද අඩුවන බවද පැවසීය .

    ඇතැමුන්ට එන්නතේ පළමු සහ දෙවැනි මාත්‍රා ලබා ගැනීමට තිබු උනන්දුව බුස්ටර් මාත්‍රව ලබා ගැනීමට නොමැති බවත් සමාජයේ ඇතැමුන් මෙම එන්නත් මාත්‍රා ලබා ගත්විට වෙනත් රෝග ඇති වන බවට මිත්‍යා විස්වාස පල කරන බවත් ඒවාට හසුනොවී බුස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසද කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya