මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාබනික ආහාර සාම්පල පරීක්ෂා කිරීමට නව රසායනාගාරයක්

    ජනවාරි 06, 2022

    කාබනික ආහාරවල සාම්පල පරීක්ෂා කිරීම සඳහා ISO සහතිකය ලත් රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.

     

    නැගෙනහිර පළාත් සභාව සහ ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනය එක්ව මෙම රසායනාගාරය ඉදි කිරීමට නියමිතය.

    ගොඩනැගිලි යටිතල පහසුකම් සැලසීම, උපකරණ සහ යන්ත්‍රසූත්‍ර සැකසීම සඳහා තාක්ෂණික සහාය, රසායනාගාර ක්‍රියාකාරීත්වයට අදාළ තාක්ෂණික සහාය ලබාදීම මෙම අවබෝධතා ගිවිසුමේ පරමාර්ථය වේ.

    ඊට අමතරව ඉදිකිරීමට යෝජිත මෙම රසායනාගාරය සඳහා ISO ප්‍රමිතීන් ලබා ගැනීම, එහි ක්‍රියාකාරීත්වයට අදාළ මෙහෙයුම් මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම සඳහාද මෙම අවබෝධතා ගිවිසුම මගින් ප්‍රතිපාදන සලසා තිබේ. අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු කළේ නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන ලේකම් ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතා සහ කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රාධිකා සමරසේකර මහත්මියයි.

    ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙම නව රසායනාගාරය හරහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කාබනික ආහාර සාම්පල් පරීක්ෂා කිරීමේ අවස්ථාව සැලසේ.

    මේ අවස්ථාවට කාර්මික තාක්ෂණික ආයතනයේ සභාපති ආචාර්ය ජී.ඒ.එස්. ප්‍රේමකුමාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya