මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Wise Woman ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

    ජනවාරි 05, 2022


    - විශිෂ්ට කාන්තාවන් 10 දෙනෙකුට ජනපති අතින් සම්මාන

     පූර්ණ කුසලතාව තුළින් කාන්තාව සවිබල ගන්වා රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා වූ Wise Woman ජාතික වැඩසටහන (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

    මෙරට කාන්තා ජනගහණ ප්‍රතිශතය 52%කි. එහෙත් සමස්ත ජනගහණයේ කාන්තා ශ්‍රම දායකත්වය 30%ක් වැනි අඩු අගයක පවතින බව කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත. කාන්තාවන් සඳහා නිපුණතාව සංවර්ධනය හා වෘත්තීය පුහුණුව ලබා දී, එමගින් ඔවුන් ජාතික ආර්ථිකයට දායක කර ගැනීම වැඩසටහනේ අරමුණයි. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය මගින් වැඩසටහන ක්‍රියාවට නැංවේ.

    ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා දක්වමින් රටේ ප්‍රගමනයට දායක වූ මහාචාර්ය නිලීකා මලවිගේ, ආචාර්ය ආශා ඩි වෝස්, කස්තුරි විල්සන්, නිපුනි කරුණාරත්න, මෙලනි වගආරච්චි, පවිත්‍රා ගුණරත්න, රංගනා වීරවර්ධන, අයන්ති ගුණසේකර, නෙල්කා ශිරෝමාලා සහ තිලංකා අබේවර්ධන යන මහත්මීහු ජනාධිපතිතුමා අතින් විශිෂ්ට කාන්තාවන් ලෙස සම්මාන ලැබීය.

    අපේ රටේ කාන්තාව සවිබල ගැන්වූ විට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස කුමන අභියෝග හමුවේ වුවද දෙවැනි වන්නට ඉඩක් නැති බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළාය.

    මහ පොළොවෙන් සොයාගත් මැණිකකට වඩා ඔප දැමිය හැකි, කවදා ලැබෙයි දැයි නොදන්නා තෙල් ආකර වලට වඩා වටිනාකමක් ඇති කාන්තා ශ්‍රම බලකායක් අප රට සතුය. ඔවුන් හඳුනාගෙන ඔප දැමූ දවසට මෙවැනි වසංගත කාලයක වුව ද නැඟී සිටීමේ ශක්තිය අප සතු බව සීතා අරඹේපොළ මහත්මිය කියා සිටියා ය.

    අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, පියල් නිශාන්ත යන මහත්වරු සහ තානාපතිවරු, රාජ්‍ය නිලධාරීහු, විවිධ ක්ෂේත්‍රවල ඉහළ තනතුරුවලට පත් වූ කාන්තාවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya