මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සියක් නගර වැඩසටහන'' දුෂ්කර ප්‍රදේශවල ගම්මාන, නගර සංවර්ධනය කිරීමට අගමැති උපදෙස්

    ජනවාරි 05, 2022

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නගර 04 ක් සංවර්ධනයට

    “සියක් නගර” වැඩසටහන යටතේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි දුෂ්කර ප්‍රදේශවල ගම්මාන හා නගර රැසක් ද සංවර්ධනයට ලක්කරමින් තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන කටයුතු සිදුකරනු ලබයි.

    ජනතාවට ජීවත්වීම සදහා ආදායම් උපදවන ක්ෂේත්‍ර නගාසිටුවීම, අතට ලැබෙන වැටුප හෝ අදායම නිසිලෙස කළමනාකරණය කරගැනීම, සෞඛ්‍ය පුරුදු යහපත් ලෙස පවත්වාගැනීම යන කරුණු ජනතාවට පහසුවෙන් සහ ක්‍රමවත්ව ඉටුකරගැනීමට හැකිවන පරිද්දෙන් නගර සියයේ සංවර්ධන ව්‍යාපෘති රජය සකස්කර ඇතිබව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මඟින් පෙන්වා දෙයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විෂය බාර අමාත්‍යවරයා ලෙසින් ලබාදුන් එම උපදෙස්වල ප්‍රතිඵලය, ඉතා නුදුරේදීම ජනතාවගේ අයිතියට පත්කෙරෙන සියක් නගර ව්‍යාපෘති මඟින් දැකගැනීමට හැකිවනු ඇතැයි ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය තවදුරටත් ප්‍රකාශ කරයි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ක්‍රියාත්මක වන සියක් නගර වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති තුළින් මේ බව මනාව තහවුරු කෙරෙන බවත්, ග්‍රාමීය, අර්ධ ග්‍රාමීය සහ නාගරික යන අංශ තුන මිශ්‍ර වූ පොළොන්නරුව වැනි කෘෂිකාර්මික ප්‍රදේශවලින් එය මනාව තහවුරු කෙරෙන බවත්, නාගරික සංවර්ධන අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් සකකාර අධ්‍යක්ෂ එන්.ටී. මයුරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

    පොළොන්නරුව දිස්ත්‍රික්කය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජයන්තිපුර, මැදිරිගිරිය, වැලිකන්ද සහ අරලගංවිල යන නගර 04 සංවර්ධනය කෙරේ. මේ වන විට සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ 90% කින් අවසන් වී තිබේ.

    සංවර්ධනය කෙරෙන ජයන්තිපුර නගරය තුළ විවෘත රථගාලක් ඉදිකෙරෙමින් පවතියි. ඔරලෝසු කණුව අසල ඉදිකෙරෙන මෙම රථගාල අසල පිහිටි විවෘත ප්‍රදේශය නිදහසේ ගතකිරීමට හැකිවන ආකාරයට සංවර්ධනය කෙරෙමින් පවතියි. එම ස්ථානයේ මඟ දෙපස වාහන නවතා තැබිය හැකිවන පරිදි සකස් කිරීම ද සිදුකෙරෙමින් පවතියි.

    මැදිරිගිරිය ප්‍රදේශයේ හිස්ව පවතින විශාල ප්‍රදේශයක් ද නිදහසේ ගැවසීමට සංවර්ධනය කෙරෙමින් පවතියි. ඒ සමඟ ම භූමිය මත නිම් ඇතුරුම් ගල් ඇල්ලීම ද සිදුකෙරේ.

    1960 ගණන්වල මහවැලි ව්‍යාපාරය යටතේ ගොඩනගන ලද වැලිකන්ද නගරය ජනශුන්‍ය ප්‍රදේශයකි. සවස් කාලයේ පාළු වන වැලිකන්ද නගරය ජනාකීර්ණ වනුයේ සේවා සහ රාජකාරී සඳහා පැමිණෙන දුර බැහැර ජනතාවගෙන් පමණි. සියක් නගර අලංකරණ වැඩසටහන යටතේ වැලිකන්ද නගරය සංවර්ධනය කිරීම ඉතා වැදගත් වන බව ඔවුහු ප්‍රකාශ කරති.

    අරලගංවිල නගරය සංවර්ධනය තුළ පදික වේදිකා සෑදීම, ගස් සිටුවීම, විවේකීව සිටීමට ස්ථාන ඉදිකෙරෙමින් පවතියි. මේ වන විට කරද සහ ඇහැල වැනි ගස් වර්ග සිටුවමින් තිබේ. නගරයට සිසිලත්, අලංකරණයත් ලබා දීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

    ප්‍රධානවම කෘෂිකර්මාන්තය මූලික කරගත් වෙනත් වෘත්තීන් සහ වෙනස් රැකියාවන් මිශ්‍ර ප්‍රදේශයන් වන ජයන්තිපුර, මැදිරිගිරිය, වැලිකන්ද සහ අරලගංවිල ප්‍රදේශ සංවර්ධනය කිරීමෙන් පසු අංශ කිහිපයක සීඝ්‍ර වර්ධනයක් සිදුවෙතැයි ප්‍රදේශවාසීන් පවසයි. ඒ යටතේ තම ජීවිතවල මෙතෙක් නොතිබූ වෙනස්කම් රැසක් සිදුවී, සියලු කටයුතුවල දියුණුවක් ඇතිවන බවට විශ්වාසයක් ගොඩනැගී ඇති බව ප්‍රදේශවාසීන් තවදුරටත් පවසා සිටියි.

    විවේකීව සහ නිදහසේ සිටීමේ පහසුව ජනතාවට ලබාදීම සඳහා ගස්වල සෙවණ යට, ගස් වටේට සිමෙන්ති බංකු කවාකාරව ඉදිකිරීම කෙරේ. එසේම, සිටුවා ඇති ඖෂධීය ශාඛා මඟින් සෞඛ්‍යයට යහපත් උත්තේජනයන් ලබාගැනීමේ අවස්ථාවන් ද හිමිවෙයි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya