මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ කරුණුවලට සාධනීය ප්‍රතිචාර දැක්වූවා - සෞඛ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 24, 2021

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ කරුණු පිළිබදව අධ්‍යයනය යොමු කරමින් ඉතාම සාධනීය ලෙස අඩියක් ඉදිරියට තබා ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් එම සංගමයට ලිඛිතව දැනුම් දී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා කිය.

    සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දීය.

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෘත්තීය සමිතියක් ලෙස කරුණු කිහිපයක් ඉදිරිපත් කළ බවත්, එම කරුණු පිළිබද සාකච්ඡා කර ප්‍රතිචාර දැක් වූ අතර බිහිරි අලියන් මෙන් ඒ තුල නොසිටි බවද අමාත්‍යවරයා මෙහිදී පැවැසිය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළමු කරුණ ලෙස පෙන්වා දුන්නේ පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ට වාර්ෂික ස්ථාන මාරු පිළිබදව බවත් අදාල පාර්ශ්වයන් සියල්ල සමග තමාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහූත් විටින් විට සාකච්ඡා පවත්වා තීන්දුවක් ගත යූතු බවට තීරණය කළ බව ද පැවැසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයට තීන්දු නොගෙන ඉන්න නොහැකි බවත්, ගන්නා තීන්දු ඉතාම සාධාරණ ලෙස සියළු පාර්ශ්ව සමග සාකච්ඡා කර ගන්නා තීන්දු විය යුතු බව ද හෙතෙම පැවැසිය. අඩුපාඩු ඉදිරිපත් කළ පසු නැවැත සළකා බලා සියළුම කණ්ඩායම් එක් කොට සාකච්ඡා කිරිමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා පැවැසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා;

    දෙවැනි කරු‍ණ වුයේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්විම් සම්බන්ධවයි. ඒ අයගේ ඉල්ලීම වුයේ ඔවුන් එහි කොටස්කාරයින් විය යුතු බවටයි. ඔවුන් එතනට පාර්ශ්වකරුවන් විය යුතුයි සහ එහිදී ඔවුන්ගේ කැමැත්ත අනුකුලතාවය ලැබිය යුතුයි කියලා. එතනදි ගැටළු ගණනාවක් ඇති වෙනවා. මේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ විවිධ වෘත්තිය සමිති තිබෙනවා. අපි ඒ් සියළු දෙනාටම එහෙම නම් එම අවස්ථාව ලබාදිය යුතුයි. එහෙම සිදු නොකළොත් එය අසාධාරණයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි අසාධරණයක් කර තිබෙනවා නම් කරුණු දැක්විමට සැමට අයිතියක් තිබෙනවා. ඒ පිළිබද කිසිදු ගැටළුවක් නැහැ. අපේ තින්දුව වූයේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්විම් ලබාදිම රාජ්‍ය සේවා කොමිසන් සභාව සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ චක්‍රලේඛ සහ ආයතන සංග්‍රහ අනුව සිදු කිරීමට කටයුතු කිරිමයි. මේ වනවිට 524 ක් පත්වීම් ලබාදී තිබෙනවා. ඉන් 24 ක් විවිධ හේතුන් නිසා වාර්තා නොකල අය හැරෙන්න අනෙක් සියළු දෙනාට සාධාරණ ක්‍රමවේදයන් අනුගමය කර පත්වීම් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. අමාත්‍යවරයා ලෙස එම ලැයිස්තුව මම දැකලත් නැහැ. මට බලන්න වුවමනාවකුත් නැහැ. එය යම් ක්‍රමවේදයකටයි සිදු වූයේ. කිසිම කෙනෙකුගෙන් පැමිණිලක්වත් දුක් ගැනවිල්ලක් වත් ඉදිරිපත් වෙලා නැහැ. එහෙම නැතිනම් මේ රටේ අනෙකුත් සියළුම වෘත්තිය සමිති ද මේ සදහා සම්බන්ධ කර ගන්න වෙනවා. මහා විශාල සම්මන්ත්‍රණයක් වැනි දෙයක් තියලා. එහෙම නම් රාජ්‍ය පරිපාලනයක් රටට අවශ්‍ය නැහැ. යම් බලයක් තිබෙනවා යැයි කියන වෘත්තීය සමිතියකට එය බාරදෙන ක්‍රමවේදයක් අපි හදාගන්න වෙනවා.

    ඉදිරියේ දී උත්සව සමයක් ආරම්භ වන මොහොතේ සැවොම විනෝදවීමට කටයුතු කරන නමුත් සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩල සියල්ල පැත්තක තබා එදා පටන්ම තමන්ගේ යුතුකම හා වගකීම ඉටු කළා. සෞඛ්‍ය සේවයේ උන්නතිය සහ සෞඛ්‍ය තුලින් බලාපොරොත්තු වන හදිසි අනතුරු සහ බරපතල රෝගී තත්ත්වයනට පත්වන සියළු දෙනාට සාධාරණය ඉෂ්ඨ කරන්න තමන්ගේ වගකීම යුතුකම ඉෂ්ඨ කරන්න එදා මෙන්ම අදත් කැපවීමෙන් කටයුතු කරනවා. මුළු ලෝකයම මෙම වසංගත තත්ත්වය තුල පීඩනයට ලක් වූ මොහොතක පෙළක් රටවල්වල තමන්ගේම ක්ෂේත්‍රයේ මහාචාර්ය, ආචාර්ය, වෛද්‍යවරුන්ගේ සිට සුළු සේවකයන් දක්වා යන කණ්ඩායම් සේවයට වාර්තා කළේ නැහැ. ඒ අයගේ පවුල්වල තිබූ පීඩනය නිසා.

    මේ පුංච් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිම අවස්ථාවක අපිට එවැනි ශෝචනීය කථාවක් අහන්න සිදු වුණේ නැහැ. මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයම කොවිඩ් වසංගතය වෙනුවෙන් තමන්ගේ යුතුකම් වගකීම් අකුරටම ඉෂ්ඨ කළා. ඒ නොයෙකුත් ප්‍රශ්ණ මැද්දේ. එම ප්‍රශ්ණ පිළිබදව කාටවත් චෝදනා නොකර තමන් බාර අරගෙන කටයුතු කළා. අවශ්‍ය පහසුකම් පහසුකම් නොමැතිව සේවය කළා. ඒ් සියළු දෙනාට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මා ප්‍රණාමය පුද කරනවා. එයයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්ප්‍රදාය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන අයගේ හදවත් වල තිබෙන්නේ එහෙමයි. පළමුව, දෙවනුව, තෙවනුව තමන්ගේ ඉදිරියට සරණ පතා එන අයට මොන ප්‍රශ්ණ ගැටළු තමන්ට තිබුනත් ඒ් වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කරන අයට තමයි අපි කියන්නේ දෙවිවරු කියලා. ඒ් අයට නැවැත වරක් මගේ ස්තූතිය ප්‍රණාමය පුද කරනවා. අපිට ලැබෙන පළමු අවස්ථාවේම ඔවුන්ගේ ප්‍රශ්ණ ගැටළු ගැන කටයුතු කරන්න රටේ ආර්ථීක රාමුව තුල අපි කටයුතු කරනවා.

    මට ලොකු චෝදනාවක් කරලා තිබුනා එය මාධ්‍ය හරහා ද ප්‍රචාරය වුවා, ඇමැතිවරයා පෞද්ගලිකව සීමාවාසික වෛද්‍යවරුන්ට බලපෑම් කරලා අමාත්‍යවරයාට අවශ්‍ය ලැස්තුවක් හැදුවා කියලා. මම පැහැදිලිවම කියනවා ඔ්නෑම අවස්ථාවක දේශපාලන ඇගිලිගැසීමක් කරලා මම මේ ලැස්තුව හැදුවා කියා ඔප්පු කළොත් මම හෙට දිනයේ ඉල්ලා අස්වන බව දෙවන දිනටත් අද ප්‍රකාශ කරනවා. එලෙස දේශපාලන බලපෑම් කරන සිරිතක් මට නැහැ. වෛද්‍ය සංගමයේ සාමාජිකයෙන් කියනවා ඉස්සර ඒ අමාත්‍යාංශවල කරලා ඇති මේ අමාත්‍යාංශයේ එහෙම බැහැ කියලා. මම ඉස්සර කළෙත් නැහැ. දැන් කරන්නෙත් නැහැ. යුක්ති සහගතව එම කටයුතු කරනවා මිසක් එවාට මැදිහත්වෙලා අපට ඔ්න විදිහට සිදු කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න මගේ යහළුවන් දෙදෙනෙකුගේ දරුවන් ඉන්නවා වෛද්‍යවරු ලෙස ඔවුන් මගෙන් ඉල්ලීමක් කළා මම කණගාටුව පළ කරලා කිව්වා මට එය කරන්න බැහැ කියලා. ඇමැතිවරු ඉන්නේ එහෙම දේවල් කරන්න නොවෙයි අමාත්‍යවරු ඉන්නේ විධායකය ගන්නා ප්‍රතිපත්තිමය තින්දු ක්‍රියාත්මක කරන්න මිසක් මෙවැනි දේවල් කරන්න නොවයි කියා. එයට මේ රටේ පිළිගත් නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. එවැනි අසාධාරණයක් වුණා කියලා කිසිම අයෙක් මේ වනතෙක් චෝදනාවක් කරලා නැහැ.

    සමහර වෘත්තීය සමිති සමහර වෙලාවට හිතනවා ඇති තමන්ගේ බලය වර්ධනය කර ගන්න, තමන් තමයි මෙය කරන්නේ, අපි තමයි මෙයට මුල් වුණේ, අපි තමයි මේක කළ යුත්තේ වශයෙන් බලය රැක ගැනීමට නම් ඒ කර්තව්‍යයට මම මේ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා හැටියට සිටින කල් එවැනි වැඩපිළිවෙලකට එකග වෙන්නේ නෑ. මේ රටේ වෛද්‍යවරුන්ගේ විවිධ සංගම් තිබෙනවා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ ඔවුන්ගේ සේවාවන් වෙනුවෙන්. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මට පැහැදිලිව කියලා එවලා තිබෙනවා මේ ඉල්ලීම් සියල්ල ආසාධාරණයි, මේකට එකඟ වෙන්න අපි සුදානම් නැහැ කියලා. විවිධ ආයතනවලින් එවැනි කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා.

    ඉතාමත්ම වැදගත් ලෙස අපි වෘත්තීය සමිතිවල සංවේදී කරුණු විසදීමට කටයුතු කරනවා. විසදීමට බලාපොරොත්තු වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් එම සාධාරණත්වය තුල රැදී සිටිමින් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් ඉෂ්ඨ කර ගැනීමට සහ තමාගේ බලය පමණක් පෙන්වීමට ගන්නා උත්සාහයන් වලින් බැහැර වෙලා සුහදව කටයුතු කරනු ඇති බවට බොහොම සුහදව අහිංසක ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියයට 90 ක් වෛද්‍යවරුන්ගේ සිට කම්කරුවා දක්වා සිදු කරන සේවය ඇගයීමට ලක් කරනවා පමණක් නොව ඔවුන්ගේ ඇගයීමට වටිනාකමක් ලබාදෙන්නත් අපි කටයුතු කරනවා. එයට අපට වෘත්තිය සමිති අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වෘත්තීය සමිතිවල සාධනිය තත්ත්වයන් පමණයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya