මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික බස්රථ හිමිකරුවන්ගේ සංගම් ප්‍රවාහන රාජ්‍ය ඇමැති අතර සාකච්ඡාවක්- පොදු ප්‍රවාහනය ආරක්‍ෂාකර ගැනීම අපගේ වගකීමක්- ප්‍රවාහන රාජ්‍ය ඇමැති

    දෙසැම්බර් 23, 2021

    ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් පෞද්ගලික බස්රථ හිමිකරුවන්ගේ සංගම් විසින් බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කරන ලද ඉල්ලීමකට අනුව බස් සංගම් අතර සාකච්ඡාවක් 22 වන දින බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවැත්විය.

     මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමුණුගම අමාත්‍යවරයා පවසා සිටියේ,
    ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ බස්රථ හිමිකරුවන් යම් ගැටලුකාරී තත්වයකට මුහුණ දී ඇති බවත් පසු ගිය කොවිඩ් සමයේ බස්රථ වල මඟීන් ප්‍රවාහනයේදී ආසන ගත නීතිය පැනවීමේදී බස්රථ හිමියන් ඊට එකඟවීම වෙනුවෙන් ඔවුන්ට අපගේ ගෞරවය හා ස්තුතිය පුදකර සිටිය යුතු බවත්ය.

    ඒත් සමඟින්ම බස්රථ ගාස්තු සම්බන්ධයෙන් සුළු වැඩිවීමක් ලබා දුන්නත් ඒ අවස්ථාවේදී වූවද රුපියල් 7.00 කින් ඉන්ධන මිල වැඩි වූ බවත් එම අවස්ථාවේදීත් බස්රථ හිමියන් බස් ගාස්තු වැඩිකර ඉල්ලීම් කළද එම අවස්ථාවේදී ජනතාව මුහුණපා සිටින කොවිඩ් ව්‍යසන තත්වය හමුවේ බස් ගාස්තු වැඩි නොකිරීමට අමාත්‍යාංශය ගත් තීරණයට ඔවුන් එකඟ විය.

    නමුත් මෙවර ඉන්ධන මිල තවත් රු 10.00කින් වැඩිවීම හේතුවෙන් මේ වන විට රු. 17.00 කින් ඉන්ධන මිල වැඩිවී තිබුණත් තවමත් අප බස් ගාස්තු වැඩිවීමක් සිදු නොකිරීමට තීරණය කළ සිටිය ද බස්රථ සංගම් වල ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඩොලරයේ අනුපාතය වෙනස්වීමත්, සෑම රටක්ම පාහේ මුහුණ පා සිටින කොවිඩ් ව්‍යසනය හමුවේ එම රටවල ඇතිව තිබෙන ආර්ථික බලපෑම හමුවේ අමතර කොටස්, ලිහිසි තෙල් වැනි දෑ වල මිළ ගණන් ඉහළ ගොස් ඇති හෙයින් බස් ක්‍ෂේත්‍රය ඉතාමත් අසීරු අවධියකට පත්වී ඇති බව පිළිගතයුතු කාරණයක්. බස් හිමියන් සඳහා යම් සහනයක් ලබාදීමේ අරමුණින් පසුගිය කාලසීමාව තුලදී බැංකු මාර්ගයෙන් හා යම් අමතර කොටස් සපයන ආයතන මාර්ගයෙන් සහන ලබාදීමට අප ක්‍රියාකලා. මෙවර ඉන්ධන මිල වැඩිවීමේදී රජය විසින් ඩීසල් මිළ ඉතා අවම අගයකින් වැඩි කිරීමට ක්‍රියාකර ඇත්තේ ද පොදු ප්‍රවාහනය සඳහා වැඩිපුරම ඉන්ධනයක් ලෙස භාවිතා කරන්නේ ඩීසල්වීම හේතුවෙන් වූවද යම් අර්බුදයකට බස්රථ හිමි කරුවන් පත්ව තිබෙනවා.

    බස්රථ හිමි කරුවන් වූවද මෙම සියළුම මඟී ජනතාවගේ පිට පැටවිය යුතුයි කියන තැන ඔවුන් නැහැ බස්රථ හිමිකරුවන් වූවද රටේ පවතින මෙම වාතාවරණය තේරුම්ගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් නැවතත් ඔවුන්ට ස්තුතිය ප්‍රකාශ කර සිටියා.

    අමාත්‍යවරයෙක් වශයෙන් මඟි ජනතාව සම්බන්ධයෙන් ද බස් ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ද අවධානය යොමුකර යම් මධ්‍ය තැනකට මෙම ගැටළුව නිරාකරණය කර ගැනීමට ගෙනායුතු අතර, මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ සභාපති ශෂී වෙල්ගම මහතා වැඩකරන දින හතරක කාලයක් ඇතුලත මේ සියළු දේ සම්බන්ධයෙන් සැළකිල්ලට ගෙන යම් ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් මඟී ජනතාව ගැනත් අවධානය යොමුකරමින් යම් ගාස්තු සංශෝධනයක් කිරීමට සිදුව ඇති බවට අමාත්‍යවරයා පැවසීය.

    රටේ පවතින තත්වය හේතුවෙන් භාණ්ඩ මිල යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අවස්ථාවක බස් ගාස්තු වැඩීවීම සම්බන්ධයෙන් මඟී ජනතාවට හොඳ ආරංචියක් නොවූවද පොදු ප්‍රවාහනය ආරක්‍ෂාකර ගැනීම අපගේ වගකීමක් බවත්, අද වන විට මෙම මිළ ගණන් යටතේ ඩීසල් ලබා දුන්න ද රජය යම් පාඩුවක් විද ගනිමින් ඉන්ධන මේ මිලට ලබාදීමට කටයුතු කරන බවත් මඟින් පිට සම්පූර්ණ බර පැටවීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    බස් රථ හිමිකරුවන්ගේ සංගම් විසින් ගෙව්ම් කාඩ් පත කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අමත්‍යතුමන්ගෙන් ඉල්ලීම් කළ අතර අමාත්‍යතුමන් විසින් පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් සියලු කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවත් එමගින් බස් හිමියන්ටත් යම් ලාභයක් හිමිවන අතර බස්රථ ධාවනයේදී යම් වංචාවන් සිදුවනවානම්, බස් ගාස්තුවේ නියමිත මුදල බස් හිමියන්ට හිමි නොවීම සහ මගී ජනතාවට නියමිත ඉතිරි මුදල් හිමිනොවීම මගහැරී යන බවයි.

    කාඩ්පත් ක්‍රමය හදුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය බස්නාහිර පළාතේ යම් මාර්ග කිහිපයකින් ආරම්භ කිරීමට අදහස් කර ඇති බවත්, එහිදී ඇතිවිය හැකි යම් ගැටලු මගහරවා ගැනීමෙන් අනතුරුව අනෙකුත් පළාත් සදහා ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    අද දින පැවති මෙම සාකච්ඡාව සදහා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස් මහතා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා ද පොදුජන බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් සංගමය, ලංකා පෞද්ගලික බස් සංගමය යන සංගම් වල සාමාජික මහත්ම මහත්මීන් සහභාගීවිය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya