මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕනෑම මොහොතක ඉල්ලා අස්වෙන්න සූදානම්- සෞඛ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 23, 2021

    වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයන්, මාරවීම්, උසස්වීමි වැනි කිසි දේකට දේශපාලන මැදිහත්වීමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අධාරණය කරයි.

    අසාධාරණයක් සිදුව ඇති බව පෙන්වීමට හැකි නම් එය නිවැරදි කිරිමට සෞඛ්‍ය අංශ කිසිදු අයුරකින් පසුබට නොවන බවද ඒ පිළිබද සාකච්ඡා කිරිමට ඕනෑම මොහොතක සූදානම් බවද අමාත්‍යවරයා පවසයි.

    ‌වෛද්‍ය ‌වැඩ ‌වර්ජනය පිළිබඳ (22) මාධ්‍ය‌ ‌වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

    දේශපාලන මැදිහත්වීම් මත මේ දේවල් සිදු‌‌ව ඇති බවටත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමා මේ සදහා මැදිහත්‌ව ඇති බව කවුරුන් හෝ පවසන්නේනම්, ඒ බව පෙන්වීමටම කටයුතු කරන්නේනම් තමන් ඕනෑම මොහොතක ඉල්ලා අස්වෙන්නත් සූදානම් බව හෙතෙම කීය.

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමන් මේ වනතෙක් එවැනි කිසිම දේකට සම්බන්ධව නොමැති බවයි. මේ සම්බන්ධව ඇතමුන් ඉල්ලීම් සිදු කළත් යම් වැඩපිළි‌‌ෙවළකට‌ අනුව එම ක්‍රියාවලිය සිදුවන බැවින් තමන්ට එවැනි දේ සිදු කිරීමට නොහැකි බව තමා ප්‍රකාශ කර ඇති බවත්, දේශපාලන ඇඟිලි ගැසීම් සිදු වන බවට සිදු කරන ප්‍රකාශය සම්පූර්ණයෙන් ජනතාව මුලාකරන ප්‍රකාශයක් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. එසේ නොමැති නම් තමන්ගේ යම් කිසි අඩුපාඩුවක් වසා ගැනීමට අනෙක් අයට ඇගිල්ල දිගු කරන වැඩපිළි‌‌ෙවලක් හැටියට තමා එය දකින බවද අමාත්‍යරයා කීය.

    මේ පිළිබද වැඩ්දුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යරයා -

    “සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය වැඩවර්ජනය පිළිබද මා පුදුමයට පත් ‌වෙනවා. මේ කරුණ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මා වීවිධ අවස්ථාවල ඔවුන් සමගද සාකච්ඡා කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඒ තුළ සිටින නිලධාරීන් සම්බන්ධව ඉතාම පැහැලිදිව අදාල චක්‍රලේඛණ වලට යටත්ව, සේවා කාලයන්ට යටත්ව කටයුතු කිරීම පිළිබදව මා පැහැදිලි උපදෙස් ලබාදී තිබෙනවා. එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක ‌වෙලා තිබෙනවා කියන එකයි මාගේ විශ්වාසය. මෙම කරුණු 06 ගත්විට පළමු කරුණ වන පවුල් සෞඛ්‍ය සේවාවන්ට අදාලව විශේෂඥ ‌ වෛද්‍යවරුන් මාරුකිරීම හා සේවා ස්ථාන වලට යොමු කිරීම සම්බන්ධව ප්‍රශ්ණයේදී කණ්ඩායම් දෙකක් මුල් වුණා. ඔවුන් දෙපිරිසම විවිධ අදහස් ඉදිරිපත් කළා. අපි ඒ දෙගොල්ලන්ටම ඇහුම්කම් දුන්නා. දෙපිරිසම ගෙන්වා සාකච්ඡා පැවැත්වූවා. යම් යම් එකඟතාවයන්ට ආවා. මේ සෑම අස්ථාවකම පූර්ණ එකඟතාවයකට ඒමට නොහැකි වුණා. එවිට අප කළ යුතු දේ තමයි දෙපිරිසේම කරුණු විමසා දෙපිරිසටම අසාධාරණයක් සිදු නොවන ලෙස මධ්‍යස්ථ තැනකට ගෙන තීරණයනට එළඹීම. ඒ දේ අපි කර තිබෙනවා.මේ පිළිබදව අපි කිසිදු ආකාරයක පෞද්ගලික අවශ්‍යතාවයක්, වුමනාවක් උඩ ක්‍රියාත්මක වී නැහැ. එවැනි දෙයක් ගැන කථා කිරීම සම්බන්ධව මා කණගාටුව ප්‍රකාශ කරනවා.”

    “දෙවැනි කරුණේ දී පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමේදී පිළිගත් ක්‍රම‌ෙවිදයන් කිහිපයක් අනුගමනය කරනවා. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු සහ රෝහල් අධ්‍යක්ෂවරුන් අවශතාවයන් පිළිබදව විශ්ලේෂණයක් කර ඔවුන්ගේ අවශ්‍යතාවයන් සම්බන්ධව ඉදිරිපත් කරන්න කියලා කියනවා. ඔවුන්ගෙන් තොරතුරු අරගෙන ඒ අනුව ප්‍රමුඛත්වය ලබාදෙමින් 500 ක පත්වීම් ලබා දී තිබෙනවා. පත්වීම් දුන් කිසිම කෙනෙක් කිසිම අවස්ථාවක මේ මොහොත ‌වන තෙක් ඒ පත්වීම වෙනු‌වෙන් විරුද්ධත්වයක් ඉදිරිපත් කර නැහැ. එසේ ඉදිරිපත් නොවී තිබියදී මේ අයුරින් හැසිරීමට කුමක්ද හේතුව යන්න තේරුම් ගත නොහැකියි.”

    “තෙවන කරුණේ දී එම කරුණ සම්බන්ධව සියල්ල අවසන් කරයි තිබෙන්නේ.එය ගැසට් කිරීමට පෙර අදාල පාර්ශව ‌වෙත මේ සම්බන්ධව දැනුම් දෙන්න කටයුතු කිරීමට පළමුව ඔය කතා කරන පාර්ශවයට ලබා දී ඔවුන්ගේ අදහස්ද ගෙන ගැසට් කිරීමට පමණයි තිබෙන්නේ. එය ඉතා ඉක්මණින් අපට කරන්නට පුළුවන්.”

    අනෙක් කරුණු අතර වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මකවන දිනය ,අපට තිබෙන ප්‍රශ්ණය තමයි යම් කෙනෙකුට යම් ස්ථානයකට මාරුවීමක් ලබාදුන් පසු ඔහු එම ස්ථානයේ වැඩ බාර ගන්න දිනය හැටියට තමයි ක්‍රියාත්මක වන දිනය ගැනෙන්නේ. මෙහිදී අදහසක් මතු‌වෙනවා සමහර අය මොන මොන හේතූන් කියලා හරි වසරක් ඉන්න තියෙනවා නම් මාස 11 ක් ඉදලා අනෙක් මාසේ එතනට ගිහිල්ලා මුල සිටි අවුරුද්ද තමන්ගේ ස්ථාන මාරු දිනය ලෙස අරගෙන මාසයක් විතර වැඩ කරලා ආපසු එන සිරිතක් තිබෙන බව මට දැනගන්නට තිබෙනවා. එය සාධාරණද අසාධාරණ ද කියන කරුණ මේ අයම දැන ගත යුතුයි. එහෙම තමන්ගේ වුවමනාවන් අනුව හිතවත් අයෙකුට එලෙස කටයුතු කරනවාද කියන එකත් බලාගත යුතුයි. ඒ ඒ අයගේ අවශ්‍යතාවයන් හැටියටයි අපට ගන්නට තිබෙන්නේ.” යැයිද අමාත්‍යවරයා පෑවැසීය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya