මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022 වසරේ කැලණි ගඟ සංරක්ෂණයට රුපියල් මිලියන 200ක්

    දෙසැම්බර් 23, 2021

    2022 වසරේ කැලණි ගඟ සංරක්ෂණය සදහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා (21 දින) නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ඉදිරි වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පරිසර අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

    ශ්‍රී ලංකාවේ ගංගා පද්ධතිය තුළ ගංගා 103ක් තිබේ. ඒ අතරින් දැනට ජලය බරපතල ලෙස දූෂණයට ලක් ව ඇති ගංගාව වන්නේ කැලණි ගඟයි. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ජනගහනයෙන් සියයට 85කටත් වඩා අවශ්‍ය පානීය ජලය ලබා ගන්නේ කැලණි ගඟෙනි. එහෙත් ගඟ දෙපස පදිංචි ජනතාව මෙන්ම ඒ අවට ඇති කර්මාන්ත ශාලා හා වෙනත් සියලු ව්‍යාපාරික හා ව්‍යාපාරික නොවන ආයතනවලින් බැහැර කරන මල අපද්‍රව්‍ය ඇතුළු සියලු අපජලය බැහැර කරනු ලබන්නේ කැලණි ගඟටය.

    එමනිසා ලබන වසරේ දී කැලණි ගඟේ ජල සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමට පරිසර අමාත්‍යංශය විසින් සැලසුම් සකස් කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දුන්නේය. ඊට සමගාමීව තවත් ප්‍රධාන ගංගා 05ක්වත් සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

    රජය විසින් ලබන වසර සඳහා සුරකිමු ගංගා වැඩ සටහනට රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කර තිබේ. ඉන් රුපියල් මිලියන 200ක් කැලණි ගඟ සංරක්ෂණ ව්‍යාපෘති සඳහා වෙන් කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට පැවසීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුරකිමු ගංගා වැඩ සටහන සම්බන්ධව සම්පූර්ණ විශ්වාසයක් තබා කටයුතු කරන අතර 2022 වසර තුළ ගංගා සංරක්ෂණය සඳහා තවත් අමතර මුල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය නම් ඒවා විශේෂ අරමුදලක් යටතේ ලබා දීමට ජනාධිපතිතුමා එකඟත්වය පළ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. කැලණි ගඟට අපවිත්‍ර ද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 1474ක් හඳුනා ගෙන තිබේ.

    කැලණි ගඟෙහි ජලය පානයට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ යුතු බවත්, විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග සම්බන්ධීකරණය කරමින් ඔවුන්ගෙන් ද ව්‍යාපෘති ලබා ගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya