මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්හැර දමා ඇති වැවිලි ඉඩම් කෘෂි හෝ පශුසම්පත් අංශයේ ආර්ථික ඵලදායීතා ව්‍යාපෘතිවල යෙදවිය යුතුයි

    දෙසැම්බර් 22, 2021

    ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා ඇති වැවිලි සමාගම්වල ඉඩම් කෘෂිකාර්මික හෝ පශුසම්පත් අංශයේ ආර්ථික ඵලදායීතා ව්‍යාපෘති වල යෙදවිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා (18) නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලබුකැලේ දම්රෝ වතුයායේ ප්‍රදර්ශනාගාර භූමියේ පැවති වතුකම්කරු ජනතාවගේ අර්ථසාධක හා සේවා නියුක්ති අරමුදල් හා සේවා ගැටලු පිළිබඳ සොයා බලා විසඳුම් ලබාදීමේ කම්කරු අමාත්‍යංශයේ ජංගම සේවයට එක් වෙමිනි.

    එමෙන්ම, මෙම ඉඩම්ලාභීන්ට ඒවායේ පදිංචි විය නොහැකි අතර, එම ඉඩම් කෘෂිකාර්මික හෝ පශුසම්පත් අංශයේ ආර්ථික ඵලදායීතා ව්‍යාපෘති වල යෙදවිය යුතු බව බව පැවසූ අමාත්‍යවරයා, කළමනාකරණය සඳහා වතු සමාගම්වලට පවරා දුන් රජයේ වතුවල මේ වන විට කිසිදු ආර්ථික ක්‍රියාවලියක් සිදු නොවන , කැලෑ වැවී ඇති ඉඩම් විශාල ප්‍රමාණයක් ඇති බවට වාර්තා වී ඇති බවත්, මෙසේ ප්‍රයෝජනයට නොගන්නා වතුවල ඉඩම් රජයට පවරා ගැනීම සඳහා වූ ඌන උපයෝගීතා පනත මේ වන විට රජය සකස් කර ඇති බවත්, ඒ අනුව මෙම ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් ආර්ථික ඵලදායි ක්‍රියාවලියකට යොමු කිරීමට එම සමාගම්වලට මාස හයක කාලයක් ලබාදීමට රජය තීරණය කර ඇති බවත් කියා සිටියේය.

    එමෙන්ම, එම මාස හයක කාලය තුළ එකී ඉඩම් ආර්ථික ඵලදායී ක්‍රියාවලියකට යෙදවීමට එකී සමාගම් සමත් නොවන්නේ නම් එම ඉඩම් එම වතු ජනතාවට හෝ ප්‍රදේශයේ තරුණ ජනතාවට හෝ ප්‍රදේශයේ සෙසු ජනතාවට ලබාදී එම ඉඩම් තුළින් ආර්ථික ඵලදායීතාවක් ලබා ගැනීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    ඒ අනුව, කෘෂිකාර්මික පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘති සඳහා එම ජනතාවට එකී ඉඩම් පාවිච්චි කළ හැකි අතර, එම ඉඩම්වල අයිතිය ඔවුන්ට ලබාදීම සිදු නොකෙරේ.

    එසේම, වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ තීන්දුවට එරෙහිව මේ වන විට වතු සමාගම් අධිකරණයේ නඩුවක් පවරා ඇති බැවින් ඒ පිළිබඳව කථා කිරීමෙන් තමන් වැළකී සිටින බවයි. එහෙත් මෙම වතුකම්කරුවන්ට රුපියල් දහසේ වැටුප ලබාදීම අධිකරණය වළක්වා නොමැති තත්ත්වයක් තුළ, නඩුව අතරවාරයේ වතු කම්කරු ජනතාවට රුපියල් දහසේ වැටුප ලබාදීමට බොහෝ වතු සමාගම් කටයුතු කරත් දි සමහර වතු බලධාරීන්වි විධ නීතිරීති දමමින් එම කම්කරු ජනතාව පීඩාවට පත්කිරීම තමන් දැඩි ලෙස හෙළා දකින බවයි.

    එසේම වතු කම්කරු ජනතාවට රුපියල් දහසේ වැටුප නොගෙවීම පිළිබඳ ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට විශේෂ කොමසාරිස්වරයකු යටතේ කමිටුවක් පත් කරන ලෙස ද ඇමතිවරයා මෙහිදී කම්කරු කොමසාරිස්
    ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. ඒ අනුව මෙම අධිකරණ ක්‍රියාවලියෙන් පසුව වතු කම්කරු ජනතාව පීඩාවට පත් කරන කටයුතු වැළැක්වීම සඳහා නව නීති පද්ධතියක් ගෙන එන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

    වතු වතුකම්කරුවන්ට රුපියල් 1000 දෛනික වැටුප ලබාදීමට නොපැකිලව පෙරමුණ ගත් දම්රෝ සමාගමට අමාත්‍යවරයා මෙහි දී සිය ප්‍රශංසාව පළ කළ අතර මෙහි දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, වතු කම්කරුවන්ට ගෞරවනීය ලෙස නොසැලකුවත්හොත් ඉදිරි කාලයේ දී තරුණ පරපුර වතු රැකියාවලින් බැහැරව යාමට ඉඩ ඇති බැවින්, ඒ පිළිබඳව දුරදිග සිතා කටයුතු කිරීම වතු පාලකයන්ගේ යහපතට හේතුවන බවයි. ඒ අනුව, මේ වන විටත් වතු තරුණයන් විශාල පිරිසක් කොළඹ රැකියාවල නිරත වී සිටින බව ද අමාත්‍යරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතා, කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති, දම්රෝ සමාගමේ නිලධාරීන් ද මහ බැංකු නිලධාරීන් ද සහ වතු අධිකාරිවරු සහභාගී විය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya