මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් පාලනය කර ජනතාවගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කිරීමට ජනාධිපති මූලිකත්වය දුන්නා- සංචරක අමාත්‍ය

    දෙසැම්බර් 22, 2021

    කොවිඩ් පාලනය කර ජනතාවගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා මූලිකත්වය දුන් ජනාධිපති මේ වන විට දේශීය නිෂ්පාදන ආර්ථීකයක් ගොඩනැංවීමේ අභියෝගාත්මක කාර්යයට උරදී ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    වස විසෙන් තොර ආහාර ලබාදීම ආදී රටක පැවැති ක්‍රමවේද වෙනස් කරන ජනප්‍රිය නොවන තීන්දු තීරණ හේතුවෙන් ආණ්ඩුව විවේඡනය වුවත් රටටත්, අනාගත පරපුරටත් වඩා සුදුසු තීරණ ගැනීම ජනාධිපතිවරයාගේ ක්‍රමවේදය බවද ඔහු කීවේය.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මිනුවන්ගොඩ පැවැති අයවැය පිළිබද ජනතාව දැනුම්වත් කිරීමේ රැස්වීමකට එක්වෙමිනි.

    2015 ඇති කිරීමට උත්සාහ කළ වෙනසට වඩා ආර්ථිකමය වෙනසක් ඇති කිරීමට මෙවර අයවැයෙන් උත්සාහ කර ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා මෙතෙක් කලක් කොළඹට වී නිලධාරීන් ප්‍රතිපත්ති සකස් කිරීමේ ක්‍රමවේදය වෙනුවට ග්‍රාමිය ආර්ථිකය නගා සිටුවමින් දේශීය ආර්ථිකයකන් ගොඩනැංවිම සඳහා වූ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට මෙවර අයවැය ඉදිරිපත් කර ඇතැයි ද කීවේය.

    නව ව්‍යාවසායකයින් හදුනා ගැනීම, මේ වන විටත් ව්‍යාපාර පවත්වා ගෙන යන ව්‍යාවසායකින් නගා සිටුවීම ආදී ගමේ ආර්ථිකය නැංවීමේ වැඩපිළිවෙළ සකස් කර ගැනීමේ වගකීම මෙවර අයවැයෙන් ගමට පවරා ඇති බැවින් ගමත්, ආසනයත්, රටත් ආර්ථික වශයෙන් ගොඩනැංවීම ජනතාව වෙත පැවරෙන බවද ඇමතිවරයා සඳහන් කළේය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගම සමග පිළිසදර වැඩපිළීවෙල මගින් මෙම ක්‍රමවේදය හදුන්වා දුන්නේ විපක්ෂයේ සිටින අවධියේදීය.

    එම වැඩපිළීවෙළේ දිගුවක් ලෙස මෙවර අයවැය හැඳින්විය හැකි අතර එදා මන්ත්‍රීවරු ලෙස ගෙනගිය වැඩපිළීවෙළට මෙවර රාජ්‍ය යාන්ත්‍රණය ද සහභාගි කර ගිනිමින් රට ඉදිරියට ගෙන යාමට සැලසුම් සකස් කර ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    රටේ ආර්ථීකය නැංවිම සඳහා නිසි වැඩපිළීවෙලක් සහිතව බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කොවිඩ් ලෝක වසංගත තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා මූලිකත්වය දීමට සිදුවූ බවද කී ඇමැතිවරයා පෙන්වා දුන්නේ ජනතාව කොවිඩ් වසංගතයෙන් මුදවා ගැනීම කෙරෙහි ජනාධිපතිවරයා මූලිකත්වය දුන්නේ 5.8 ක් ලෙස පැවැති ආර්ථික වර්ධන වේගය යහපාලන ආණ්ඩුව විසින් 2.7 ක් දක්වා අඩු කර තිබියදීත් බවයි.

    වසංගතය හේතුවෙන් රටවල් අතර සම්බන්ධතාව දුරස් වීම, රටවල් වසා දැමීම හා භාණ්ඩ ගෙන්වීම සීමා කිරීම ආදිය නිසා විවෘත ආර්ථිකයේ අයහපත් තත්ත්වය හදුනාගැනීමට වඩා හොද අවස්ථාවක් හිමිවී බවත්, විදේසගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායම් අහිමි වීම, සංචාරක ව්‍යාපාරය ඇද වැටීම, ඇගලුම් කර්මාන්තයේ බිද වැටීම ආදිය හේතුවෙන් විදේශ විනිමය අහිමි වීම දේශීය නිෂ්පාදනවල වැදගත්කම වැඩි වැඩියෙන් අවබෝධ වූ අතර ඒ සදහා මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමුව ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya