මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීයව සකස් කරන ලද අටපිරිකර මහනායක හිමිවරු වෙත පූජා කෙරෙති

    දෙසැම්බර් 19, 2021

    ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීයව සකස් කරන ලද අටපිරිකර මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වෙත පූජා කෙරෙති

    ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේකමට හා දේශීයත්වයට මුල්තැන දෙමින් බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයෙහි පූර්ණ මගපෙන්වීම යටතේ "සළුසල" ආයතනය විසින් උසස් ප්‍රමිතියෙන් යුතු දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් නිපදවන ලද මැටි පාත්‍රයක් සහ දේශීය නූල් යොදා ගනිමින් වියන ලද තුන් සිවුරුද සහිත විනයානුකූල "අට පිරිකරක්" සකස් කරන ලදී.

    එසේ සකස් කරන ලද දේශීය අටපිරිකරයන් මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නාහිමිපාණන් වහන්සේ,
    අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතනාභිධාන මහා නාහිමිපාණන් වහන්සේ,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජෙට්ඨානුවිජ්ජක ජේෂ්ඨ කාරක සංඝ සභික චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද කැප්පිටියාගොඩ සිරිවිමලාභිධාන නායක ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වෙත බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගාවේ පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර හේරත් හා ලංකා සළුසල ආයතනයේ සභාපතිතුමන් විසින් (17) දින පූජා කරන ලදී.

    මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ සරණංකර විමලධම්මාභිධාන හිමිපාණන් සහ අනුනායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වෙත ද,අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමිපාණන් සහ අනුනායක වේඩරුවේ ශ්‍රී උපාලි හිමිපාණන් වෙත ද මෙම අටපිරිකරයන් පූජා කිරීම සිදු කරන ලදී.

    මෙහි සුවිශේෂී ස්ථානයක් ගන්නා මැටි සහිත පාත්‍රය මැටි සෙල්සියස් අංශක 1093කට රත් කර හොදින් පදම් කර ඉහළ ප්‍රමිතියකින් යුතුව සකසා ඇති අතර, අනාගතයේදී විදේශ රටවලින් ගෙන්වන පාත්‍ර සහ තුන් සිවුරු සහිත අට පිරිකර වෙනුවට දේශීයව නිපදවන ලද මෙම අටපිරිකරයන් දේශීය වෙළෙඳපොළ තුළ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya