මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කරයි

    දෙසැම්බර් 17, 2021

    නිපුණත්වයෙන් යුතු වෘත්තීකයින් බිහි කිරීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ සිටින ජලනළ කාර්මිකයන් සඳහා RPL (පෙර දැනුම මත ඇගයීමේ ක්‍රමවේදය) යටතේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ සහ ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමිය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) හොරණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

     අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ශ්‍රී ලංකා ශ්‍රම බලකායේ නිපුණතා රහිත පිරිස 2025 වනවිට 10% දක්වා අඩු කිරීම යතාර්ථයක් කිරීම මෙහි අරමුණයි.

    ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනික්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, තෘතීයීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යන ආයතන මහජන උපයෝගීතා කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුම් අව‌බෝධතා ගිවිසුම් අත්සන් කෙරිණි.

    එහිදී ආංශික නිපුණතා සංවර්ධන වැඩසටහන යටතේ නවීකරණය කරන ලද හොරණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ එම පරිශ්‍රෙය් අලුතින් ඉදි කරන ලද වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය අමාත්‍යවරුන්ගේ නීරීක්ෂණයට ලක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya