අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්බර රටා කර්මාන්තය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාවක්

    දෙසැම්බර් 16, 2021

    මහනුවර දිස්ත්‍රික්කයට අයත් දුම්බර ප්‍රදේශයට ආවේණික සාම්ප්‍රදායික කර්මාන්තයක් වන දුම්බර රටා ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාවක් සංස්කෘතික අමාත්‍යංශය යුනෙස්කෝවට ඉදිරිපත් කර ඇත.

    යුනෙස්කෝ වාර්ෂික සමුළුව පසුගිය 13 ප්‍රංශයේදී ආරම්භ වූ අතර ශ්‍රී ලංකාවේ යෝජනාව (ඊයේ 15) අධීක්ෂණය කර සම්මත කෙරෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංස්කෘතික ප්‍රවර්ධන) ටී.එන්. හෙට්ටිආරච්චි මහතා පවසයි.
    දුම්බර රටා කර්මාන්තය කුවේණි යුගයට නෑකම් කියන්නකි. වර්තමානයේ මහනුවර දිස්ත්‍රික්කයේ, කුණ්ඩසාල ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් කලාසිරි ග්‍රාමයේ පවුල් 120ක් පමණ ගෘහ ආශ්‍රිත ජීවනෝපායක් ලෙස දුම්බර රටා කර්මාන්තයෙහි නිරතව සිටිති. ඔවුන්ගෙන් එක් කුටුම්භයක් මාසිකව රුපියල් 15,000ක පමණ අතිරේක ආදායමක් උපයා ගනී. කොරෝනා වසංගතය හමුවේ සංචාරක ව්‍යාපාරය අඩවණ වී ඇති බැවින් දේශීය මධ්‍යම පාන්තිකයන් අරමුණු කර ගනිමින් දුම්බර රටා කර්මාන්තය දැන් ක්‍රියාත්මක වන බව අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

     

    මොහාන් සමරනායක
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya