අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක බැංකුවේ කෘෂි විශේෂඥවරයා කෘෂි ඇමති හමු වෙයි

    දෙසැම්බර් 16, 2021

    ලෝක බැංකුවේ කෘෂි විශේෂඥවරයා ලෙස මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදු කළ ඇන්ඩෘ ගුඩ්ලන්ඩ් මහතා සේවාවෙන් සමු ගැනීමට පෙර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවී ශ්‍රී ලංකාවේ සේවයට ලෝක බැංකුව නම්කර ඇති නව නව නියෝජිතයා වූ ජෝන හයිසර් මහතා හඳුන්වා දෙනු ලැබීය.

    ඇන්ඩෘ මහතා මෙරට සිටි කාලය තුළ මෙරට කෘෂිකර්ම ක්ෂෙත්‍රයට සිදු කළ සේවාව අගය කළ අමාත්‍යවරයා නව නියෝජිත ජෝන් හයිසර් මහතා ද එලෙසම මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා සහය දෙනු ඇති බව විශ්වාසය පළ කළේය.

    ලෝක බැංකුවේ සහය ඇතිව මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රගතියක් ඇති කිරීම සම්බන්ධයෙන් ද මෙම හමුවේදී දෙපාර්ශවයේ අවධානය යොමු විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya