මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රියන්ත කුමාරගේ දරුවන් දෙදෙනාගේ සහ පවුලේ අනාගතය සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය

    දෙසැම්බර් 06, 2021

    ප්‍රියන්ත කුමාර මහතාගේ දරුවන් දෙදෙනාගේ අනාගතය සම්බන්ධයෙන් ගතයුතු සියලුම පියවර පිළිබඳව ශ්‍රි ලංකා රජය නිරන්තරයෙන් පකිස්තාන රජය සමඟ සම්බන්ධ වී ඒ සදහා අවශ්‍ය වැඩකටයුතු අඛණ්ඩව කරගෙන යන බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

     ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද ( 06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    එහිදි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා අදහස් දක්වමින්,
    “ශ්‍රි ලංකා රජය වෙනුවෙන් අපේ හෘදයාංග ශෝකය ප්‍රකාශ කරනවා ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සියලුම සාමාජිකයින් හට. මේක අතිශයින් ම්ලේච්ඡ ඝාතනයක්. පහුගිය දවස තුළ පකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා හා පකිස්තානයේ විදේශ අමාත්‍ය කෙරේශී මැතිතුමා මේ සම්බන්ධයෙන් අපිට කතා කළා. අගමැතිතුමා හා විදේශ ඇමතිතුමා දෙදෙනාම කිව්වේ මේක සම්පූර්ණයෙන්ම පකිස්තානයම ඉතාමත් පිළිකුල් සහගතව හෙළා දකින සිද්ධියක් කියලා. ප්‍රියන්ත කුමාර මහතා අවුරුදු 11 ක් ම පකිස්තානයේ වැඩ කළා. මේ සම්පූර්ණ කාලය තුළ කිසිම ප්‍රශ්නයක්, පැමිණිල්ලක් එතුමාට විරුද්ධව තිබුණේ නෑ. එතුමා යම්කිසි ආගමකට නිග්‍රහ කළා කියලා අපහස කළා කියන එක සම්පූර්ණ අසත්‍යයක්. ඒකට කිසිම සාක්ෂියක් තිබුණේ නෑ. පකිස්තාන රජයේ ස්ථාවරය තමයි මනුෂ්‍ය සන්හතියටම නිග්‍රාහයක් කියලා. ඒ සමඟම පකිස්තානයේ අගමැතිතුමා ප්‍රකාශ කළා මේකට සම්බන්ධ සියලුම දෙනාටම විරුද්ධව උපරිම මට්ටමෙන් අපරාධ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. දැනටම 120 ක් සිර භාරයට අරගෙක තිබෙනවා. පැය කිහිපයක් ඇතුළත ඒ ක්‍රියාමාර්ග ඉතාමත් දැඩි ලෙස දියත් කිරීමට පකිස්තාන රජය වෙහෙසුනා. මේ 120 අතුරෙන් අගමැතිතුමා කිව්වා මේකට ප්‍රධාන වශයෙන් 13 ක් සිටිනවා. ඒ අයට නීතියෙන් දෙන්න පුළුවන් බරපතලම දඩුවම කිසිම පැකිලිමකින් තොරව ලබාදෙන බවට සහතිකයක් පකිස්තානයේ අගමැතිතුමා හා විදේශ අමාත්‍යතුමා ශ්‍රි ලංකා

    ජනාධිපතිවරයාට හා මට දුරකථන ඇමතුම් හරහා ලබා දුන්නා. මේ ප්‍රියන්ත කුමාර මහතාගේ දරුවන් දෙදෙනාගේ අනාගතය සම්බන්ධයෙන් ගතයුතු සියලුම පියවර පිළිබඳව ශ්‍රි ලංකා රජය නිරන්තරයෙන් පකිස්තාන රජය සමඟ සම්බන්ධවෙලා ඒ අවශ්‍ය වැඩකටයුතු අඛණ්ඩව කරගෙන යනවා. ඇත්ත වශයෙන්ම මේක අදහා ගන්න බැරි සිද්ධියක්.

    පහුගිය දවස් දෙක තුළ එක්සත් අරාබි අමිරාටයේ අගනුවර වන අබුඩාබි නගරයේ පැවැත්වුණා ඉන්දියානු සාගර පස්වන සම්මේලනය. එයට අපේ රටෙන් සහභාගි වුණා අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා විදේශ අමාත්‍යතුමා ලෙස මමත් ඒ සම්මේලනය ඇමතුවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ආරාධනාවක් ලැබිලා තිබුණා. අතිගරු ජනාධිපතිතුමා හා මම අපේ ප්‍රධාන තේමාව කරගත්තේ කොවිඩ් 19 පාලනය කිරීම සඳහා ශ්‍රි ලංකාව ගත් විධිමත් ක්‍රමානූකූල ක්‍රියාමාර්ගයි. මුළු ලෝකයම අද පිළිගන්නවා කෝවිඩ් 19 පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව ඉතාමත් ඉහළ තැනක සිටිනවා කියලා. මෙයින් අපේ රටට ලොකු ගෞරවයක් ලැබුණා. ඒ වගේම එක්සත් අරාබි අමිරාටයේ වැඩකරන ශ්‍රි ලාංකිකයන් 3න් ලක්ෂයක් සිටින අතර ඒ අපේ ශ්‍රමිකයන්ට ඒ රටේ රැකිරක්ෂා අවස්ථා සපයා දෙන්න කියලා ඉල්ලා සිටියා. ” යනුවෙන් මෙහිදි සඳහන් කළේය

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya