අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා මාතර නගර සංවර්ධන සැළැස්ම කඩිනම් කිරීමට පියවර

    දෙසැම්බර් 04, 2021


    නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව මහා මාතර නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කරන්නැයි මාතර මහ නගර සභාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (02) දින දැනුම් දුන්නේය.

    නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, මාතර මහ නගර සභා නිලධාරීන් සහ මාතර දිස්ත්‍රික් මහ රෝහල් නිලධාරීන් සමඟ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 2 පැවැති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

    මාතර නගරයේ ජීවත්වන සහ නගරයට පැමිණෙන ජනතාව සඳහා වඩාත් සුවපහසු පරිසරයක් හා නාගරික පහසුකම්වලින් සමන්විත ප්‍රදේශයක් නිර්මාණය කිරීම මහා මාතර නගර සංවර්ධන සැලැස්මේ අපේක්ෂාව වී තිබේ.

    මාතර නගරයේ පරිපාලන කටයුතු ඒකරාශි කිරීම,මහ රෝහල නවීකරණය කර පහසුකම් සැලසීම,ක්‍රමවත් රථගාලක් ඉදිකිරීම අත්‍යවශ්‍ය බව මෙහි දී පෙන්වා දුන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා නගර ශාලාවක් නැති එකම මහ නගර සභාව මාතර බව ද කියා සිටියේය.

    නව සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා මාතර මහ නගර සභාවේ සහ මාතර මහ රෝහලේ සහයෝගය අවශ්‍ය වී ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා පෙන්වා දුන්නේය.

    සාකච්ඡාවේ දී මතුවූ කරුණු අනුව මාතර නිල්වලා ගඟ බඩ උද්‍යානයේ ආරක්ෂිත වැට කඩිනමින් ඉදි කරන ලෙස අග්‍රාමාත්‍යතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මාතර නගරයේ රථවාහන තදබදය අවම කිරීම, අකුරැස්ස නගරය අවට මාර්ග පුළුල් කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

    මෙම අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන්වන ලොහාන් රත්වත්තේ, කංචන විජේසේකර, රොෂාන් රණසිංහ, නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ජයන්ත කැටගොඩ, කරුණාදාස කොඩිතුවක්කු,නිපුණ රණවක, වීරසුමන වීරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච් මුණසිංහ,අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත ලොකුබණ්ඩාර, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී රත්නායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අංජලී දේවරාජා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උදය නානායක්කාර, අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ රණවීර,මාතර මහ නගර සභාවේ නගරාධිපති රංජිත් යසරත්න, නාගරික කොමසාරිස් කාංචනා තල්පාවිල, මාතර දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මල්කාන්ති මැදිවක මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya