අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු අප්‍රිකානු වෛරසය හඳුනාගත් රටවල සිට විදේශකයින්ට මෙරටට පැමිණීම තහනම් - විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ

    නොවැම්බර් 29, 2021

    දකුණු අප්‍රිකානු වෛරසය හඳුනාගත් රටවල සිට විදේශකයින්ට මෙරටට පැමිණීම හෝ පසුගිය දින 14 තුළ එම රටක සිටි කිසිදු පුද්ගලයෙකු මෙරටට පැමිණීම 28 වනදා සිට නවත්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා කියා සිටියේය.

     

    ඔහු මේ බව පැවසුවේ (28) දකුණු අප්‍රිකානු නව වෛරස ප්‍රභේදය පිළිබදව මාධ්‍යයට අදහස් දක්වමිනි.

    පසුගිය 26, 27 දින වල යම් කෙනෙකු අදාළ රටවල සිට මෙරටට පැමිණ හෝ අදාළ රටවල තාවකාලිකව නැවතී සිට මෙරටට ගමන් ගත්තේ නම් ඔවුන් එත්ත්න්කරණය සම්පූර්ණ කර තිබුණද ඔවුන්ව පී සී ආර් පරීක්ෂණයට ලක්කරන අතර එහි ප්‍රතිඵලය සෘණාත්මක වුවද (Negative) එම පුද්ගලයන් ඉදිරියට දින 14ක අනිවාර්යය නිරෝධායනයට ලක්කරන බව ඔහු කියා සිටියේය.

    මෙම නව ප්‍රභේදය ඉතාම වේගයෙන් පැතිරීමේ හැකියාවක් ඇතැයිද, එමගින් සංකූලතා ඇතිවීමේ හැකියාව වැඩිවීමට වැඩි ඉඩකඩක් ඇතැයි ද වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya