මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිජ්වේ රෝහලේ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යයි

    නොවැම්බර් 23, 2021

    පසුගිය දිනවල පැවති අධික වර්ෂා තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇතැයිද, ඒ අනූව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේද වෙනදාට වඩා දෙගුණයක පමණ රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන බවද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ගුරුසිංහ විජේසූරිය මහතා සදහන් කළේය.

    ඔහු මේ බව පැවසුවේ, අද (23) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

    මීට සති 02කට පමණ පෙර කාලයේදී දිනකට රෝගීන් 3 -4 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලැබීම සදහා රෝහලට ඇතුලත් වුවද, මේ වන විට රෝගීන් 4 -5 ක් පමණ දිනකට රෝහල්ගත වන බවද ඒ අනූව මෙම දිනවල ඩෙංගු රෝගීන්ගේ පැහැදිලි වැඩිවීමක් දක්නට ඇතැයිද ඔහු කියා සිටියේය.

    ළමයින් අතර ඩෙංගු රෝගය වැඩිවීමක් පෙන්නුම් කරන බවද කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya