මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිනමා කර්මාන්තය වෙනුවෙන් ඉදිරියේ දී අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට සුදානම්- කර්මාන්ත අමාත්‍ය

    නොවැම්බර් 23, 2021

    සිනමා කර්මාන්තය වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් තමන් සුදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    සිනමා කර්මාන්තයේ නියැලී සිටින කලාකරුවන් පිරිසක් ඊයේ (22) හමු වූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව කීය

     

    සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමේ ක්‍රියාවලියට මැදිහත්වෙමින් දැක්වූ සහයෝගයට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාට හෘදයාංගම ස්තුතිය පුදකරන බව සිනමා ක්ෂේත්‍ර 7ක් නියෝජනය කරමින් පැමිණි නියෝජිතයින් කියා සිටියේය.

    වසර 75ක ලාංකීය සිනමා වංශකතාවේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් සහ දීර්ඝ කාලයක් පුරා සිනමා ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් පොදු ඉල්ලීමක් ලෙස ඉල්ලා සිටි . ඔවුන් ඒ බව කියා සිටියේ,(22) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමේ කැබිනට් තීරණය පිළිබද දැනුවත් කිරීමේ සිය මාධ්‍ය හමුවෙන් අනතුරුව අමාත්‍යවරයා හමුවූ අවස්තාවේදීය.

     

    දීර්ඝ කාලයක් පුරා තම ක්ෂේත්‍රයන් විසින් ඉල්ලා සිටි සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ මැතිතුමා සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ගෙන ආ කැබිනට් පත්‍රිකාව මගින් සිනමාව වෘත්තීය පිළිගැනීමක් ඇති කර්මාන්ත ක්ෂේත්‍රයක් බවට පත්කර ගැනීමට ලබාදුන් සහයෝගයට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය, සහාය අධ්‍යක්ෂකවරුන්ගේ සහ නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංගමය, රංගන ශිල්පීන්ගේ සංගමය, සංස්කරණ ශිල්පීන්ගේ සංගමය, බෙදාහරිනන්නගේ හා ප්‍රදර්ශකයින්ගේ සංගමය, අංග රචනා ශිල්පීන්ගේ සංගමය, කලා අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය යන සංගම් එක්ව පිහිටුවාගත් සිනමා වෘත්තිකයන්ගේ ස්වාධීන එකමුතුව වංශයෙන් තම කෘතවේදීත්වය පළකරන බව කියා සිටියහ.

     

    සිනමා කර්මාන්තය වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් තමන් සුදානම් බව කියා සිටි විමල් වීරවංශ මහතා, සිනමා කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටළුවලට විසදුම් ලබාදෙමින් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකිරීමට සිනමා කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව උපදේශන කාරක සභාවක් පිහිටුවීමට ද බලාපොරොත්තු වන බව ද පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya