මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුස්ලිම් අධ්‍යාත්මික නායක තයිකා අහමද් නසීර් අලීම් අගමැති හමුවෙයි

    නොවැම්බර් 23, 2021

    දකුණු ඉන්දීය මුස්ලිම් අධ්‍යාත්‍මික නායක අශ් ෂෙයික් ආචාර්ය තයිකා අහමද් නසීර් අලීම් මහතා (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

    ඔහු අභාවප්‍රාප්ත ඉන්දීය මුස්ලිම් අධ්‍යාත්මික නායක අශ් ෂෙයික් ආචාර්ය තයිකා සුහායිබ් අලීම් මැතිතුමාගේ පුත්‍රයාය.

    ආගමික සහජීවනය වර්ධනය කිරීමට ඉටු කළ හැකි කාර්යයන් ගැන මෙම හමුවේ දී ආචාර්ය තයිකා අහමද් නසීර් අලීම් මැතිතුමා අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කළේය. ආචාර්ය තයිකා අහමද් නසීර් අලීම් මැතිතුමා ඉදිරියේ දී මෙරට මහා සංඝරත්නය මෙන්ම මුස්ලිම් ආගමික පූජකවරුන් හමුවීමට නියමිතව තිබේ.


    මෙම අවස්ථාවට ආචාර්ය අග්‍රහැර කස්සප හිමියෝ ද වැඩම කර සිටියහ. ආචාර්ය තයිකා අහමද් නසීර් අලීම් මහතා සමඟ පැමිණි මුස්ලිම් ආගමික නායකයෝ ද අග්‍රාමාත්‍යතුමා හමුවන අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya