මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ජනපති සහ අගමැති හමුවෙයි

    නොවැම්බර් 20, 2021

    ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ගිආනි ඉන්ෆැන්ටිනෝ (Gianni Infantino) මහතා (19) පෙරවරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය
    මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.

    කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන “අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන” පාපන්දු තරගාවලියේ  පැවැත්වෙන අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට ගිආනි ඉන්ෆැන්ටිනෝ මහතා දිවයිනට පැමිණ සිටි.

    ලෝක පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා පූර්ණ සහාය ලබා දෙන බව ඉන්ෆැන්ටිනෝ මහතා ජනාධිපතිතුමා සමග සඳහන් කළේය.

    පාසල් ළමුන් අතර පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කරවීමෙන් ඔවුන් මනා ශික්ෂණයෙන්, කණ්ඩායම් හැඟීමෙන් සහ විනයගරුක බවින් ගොඩනැගිය හැකි බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    පාපන්දු අඩු පහසුකම් සහිත ක්‍රීඩාවකි. එම නිසා ග්‍රාමීය මට්ටමින් ඉතා පහසුවෙන් එය ප්‍රචලිත කළ හැකිය. ඒ සඳහා තම සම්මේලනයේ සහාය ලබා දෙන බවත්, කොළඹ හෝ ඊට ආසන්න ප්‍රදේශයක අංගසම්පූර්ණ පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සහාය ලබා දෙන බවත් ගිආනි ඉන්ෆැන්ටිනෝ මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවට පසුගිය කාලය තුළ ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරග කිහිපයක් ජයගැනීමට හැකිවීම ඇගයීමට ලක් කළ ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා, ක්‍රීඩා කටයුතු ඉහළ නැංවීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගන්නා උත්සාහය ඇගයීමට ලක් කළේය.

    ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස මෙරටට පැමිණීම පිළිබඳ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගිආනි මහතා ඇතුළු නියෝජිත පිරිසට සිය ප්‍රශංසාව පළ කළහ.
    ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ ගිආනි මහතා සමග පැමිණ සිටින නියෝජිතයෝ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya