මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයස අවුරුදු 60ට වැඩි ජනතාවගේ එන්නත්කරණ වැඩසටහන කාර්යක්‍ෂමව ක්‍රියාත්මකයි

    නොවැම්බර් 20, 2021

    කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් (නොවැම්බර් 19) දින ද එන්නත්කරණ වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දුන්හ.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කල ඉල්ලීමකට අනූව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භටපිරිස් විසින් මේ සදහා දායකත්වය ලබා දෙති.

    නොවැම්බර් 19 දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රරයේදී ක්‍රියාත්මක වන යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී වසය අවුරුදු 60 ට වැඩි අයවලුන් වෙනුවෙන් තුන්වන එන්නත ලබාදීම සඳහා මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya