අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සඳහිරු සෑය” අභියස සංඝගත දක්ෂිණාවක්

    නොවැම්බර් 19, 2021

    ත්‍රෛනිකායික අනුනායක නාහිමිපාණන් වහන්සේ ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩම කළ මහා සංඝරත්නය විෂයෙහි “සඳහිරු සෑය” අභියස දී අද (19) දහවල් සංඝගත දක්ෂිණාවක් පැවැත්විණ.

    දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධයෙන් මියගිය රණවිරුවන්ටත්, සෙසු සියලු දෙනාටත් පිං පැමිණවීම සහ රටවැසි සියලු දෙනාට සෙත් පැතීම උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පිංකම සිදුකරනු ලැබීය.

    අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක්, ආරක්ෂක ලේකම් ප්‍රධාන රාජ්‍ය නිලධාරීහු, ත්‍රිවිධ හමුදාපතිවරු, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya