අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභීත ජනමාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර සමුගනී

    නොවැම්බර් 19, 2021

    ශ්‍රී ලංකා පුවත් පත් කලා ඉතිහාසයේ නමක් සනිටුවන් කළ, පුවත්පත් කලා ක්ෂේත්‍රයේ වර්තමානයේ ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියා වූ සිරිලාල් කොඩිකාර මහතා අද ( 19) උදැසන අභාවප්‍රාප්ත වී ඇත.

    මිය යන විට ඔහු 97 වැනි වියෙහි පසු විය. 1948 දී ආරම්භ වූ සිංහල ජාතිය පුවත්පතෙන් පත්‍ර කලාවට පිවිසුනු සිරිලාල් කොඩිකාර මහතා, දවස පුවත්පතේ ද සේවය කළ අතර ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ නොමැකෙන සටහන් තැබූ
    ඇත්ත පුවත්පතේ විශේෂාංග සංස්කාරක වරයා ලෙස කටයුතු කළේය.

    ගත් කතුවරයකු වූ සිරිලාල් කොඩිකාර මහතාගේ භාෂා ව්‍යවහාරය ඔහුට ආවේණික විය. ටයර් සෑය, දියවැලක් ඔස්සේ, මගේ සාක්කිය, කැලිස්ටාගේ සවාරිය, කනේරු මල්, මා දුටු කෝසල සිහින යන කෘති කොඩිකාර මහතා විසින් රචනා කළ ජනප්‍රිය කෘති වෙයි. පුවත්පත් තීරු ලිපිය, සාහිත්‍ය ලිපිය,විශේෂාංග ලිපිය,රස කතාව කොඩිකාර මහතා විසින් රචනා කළේ, ඊට ම වූ ආවේණික ලක්ෂණ ද ප්‍රකට කරමිනි.

    පුවත් පත් කලාවේ, සිරිලාල් කොඩිකාර මහතා ජනතාව අතර ජනප්‍රිය වූයේ රංචා ගොඩ ළමයා ලෙසය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya