අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුවැති පිවිතුරු රටක් උදෙසා අපජල ව්‍යාපෘතිය ඇරඹේ

    නොවැම්බර් 19, 2021

    සුවැති පිවිතුරු රටක් උදෙසා අපජල ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.

    වර්තමාන අග්‍රාමාත්‍ය එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය සමයේ ක්‍රියාත්මක කරන්නට යෙදුණු ලෝක උරුමයන් අතර එක් වූ ලංකා ද්වීපයේ දෙවන විශාලතම නගරය වූ මහනුවර නගරයේ 125,000 ක් ස්ථිර පදිංචිකරුවන් ජීවත් වූ ද නගරයට පැමිණෙන්නන් සංඛ්‍යාව 300,000 ක් (දිනකට) පමණ වන්නාවූ ජනයා වෙනුවෙන් මහනුවර අපජල කළමනාකරණ ව්‍යාපෘතිය නිර්මාණය වී (17දින ) අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරේ.

    ජලය බො‍හෝ ක්‍රියාකාරකම්වල වැදගත් අංගයක් වන නිසාම අපජලය ජනනය වේ. මිනිස් ක්‍රියාකාරකම් වන ස්නානය, සේදීම, කෘෂිකර්මාන්තය, කාර්මික කටයුතු, මල ද්‍රව්‍ය, හා මුත්‍රා, සබන් සහ ඩිටර්ජන්, පිසින තෙල් සහ මේද, ආහාර අපද්‍රව්‍ය, පළිබෝධ නාශක, තීන්ත, පෙට්ට්‍රල්, ඩීසල්, සනීපාරක්ෂ අපද්‍රව්‍ය, ඝන අපද්‍රව්‍ය මෙයට බලපානු ඇත.

    මේ අනුව අපජලය ප්‍රධාන වර්ග දෙකකට බෙදා වෙන්කළ හැක.

    1. අළු ජලය (Gray Water)
    ස්නාන කුටි, රෙදි සෝදන යන්ත්‍ර වලින්, පිඟන් සෝදන යන්ත්‍ර සහ සින්ක් වලින් පිටවන්නා වූ නේවාසික ක්‍රියාවලීන්, මුළුතැන්ගෙයින් පිටවන ජලය අළු ජලය ලෙස හැඳින්විය හැක.
    2. කළු ජලය (Black Water)
    වැසිකිළිවලින් පිටවන මළ ද්‍රව්‍ය හා මුත්‍රා මිශ්‍ර ජලය කළු ජලය ලෙස හැඳින්විය හැක.
    ජලය ශ්‍රී ලංකාව සතු ප්‍රධානතම පොහොසත් වූ ස්වාභාවික සම්පතක් වන අතර එය අතීතයේ පටන් මෙරට ආර්ථික සංවර්ධනයට දායක වන ප්‍රධානතම සාධකයක් වේ. කෘෂිකාර්මික රටක් වූ ශ්‍රී ලංකාව අතීතයේ සිට අද දක්වාම විවිධාකාර වූ වාරි කර්මාන්ත වලින් මෙරට කෘෂි ආර්ථිකයට ලබා දී ඇති දායකත්වය සුවිශේෂි එකකි. ඒ හැරුණු කොට කර්මාන්ත, සේවා සැපයීම, පානීය ජල අවශ්‍යතාව පමණක් නොව විනෝදාස්වාද කටයුතු හා සංචාරක කර්මාන්තයටත් ජල විදුලි නිෂ්පාදනයටත් ශ්‍රී ලංකාවේ ජල සම්පත ඉතා වැදගත් මූලාශ්‍රයක් බවට පත්ව තිබේ.

    පරිසරය හා ජලය අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධිත පද දෙකක් වන අතර මිනිසා පරිසරය සමඟ ක්‍රියාකිරීමේ දී සිදුවන අහිතකර ක්‍රියාවලීන් හේතුකොට ගෙන පරිසරයේ පවතින ස්වාභාවික සම්පත් අභියෝගයට ලක්වේ. මේ නිසා ස්වභාව ධර්මයේ මහඟු සම්පත් රැකගනිමින් පරිසරයට මිත්‍රශිලීභාවයක් රඳවාගැනීම මඟින් මෙම ජල සම්පත රැකගැනීම මානව වර්ගයාගේ යුතුකමකි.
    විශේෂයෙන්ම මහනුවර නාගරික ප්‍රදේශයක් වීම හේතුවෙන්ම ඉඩම් තදබදය නිසාවෙන්ම වැසිකිළි සඳහා සෙප්ටික් ටැංකි (පූතික ටැංකි) යොදා ගැනීම සිදු කළත් භූගත ජල මට්ටම ඉහළ මට්ටමක පවතින විට, එවැනි පූතික ටැංකි පොඟවන පෙරණ පද්ධතිය ක්‍රියානොකරන අතර ඒවා පීටාර ගැලීමට ඉඩ ඇත.
    මෙවැනි නගරාසන්න ප්‍රදේශ වල ගෘහස්ථ හා නාගරික අපද්‍රව්‍ය, කාර්මික හෝ සැකසුම් අපද්‍රව්‍ය, නිවාස සහ මහල් නිවාස අපද්‍රව්‍ය, සනීපාරක්ෂක අපද්‍රව්‍ය වැනි සාමාන්‍ය ක්‍රියාවලියෙන් පැන නඟින අපජලයේ ප්‍රමාණය ඉහළ අගයක් නිසාම අපජල කළමනාකරණයේ අවශ්‍යතාවය මතුව ඇත.
    ජල දූෂණය සැළකිල්ලට ගෙන සහ ජලය ලබාගැනීමේ හැකියාව, ප්‍රමාණය අතර සම්බන්ධය පිළිබඳ වැඩි සැළකිල්ලක් මුළු ලෝකයේම අවධාරණය කරගෙන සිටින අවධියක මෙම රජය මානව වර්ගයාගේ මූලික අවශ්‍යතාව හඳුනාගනිමින් මහනුවර ජනතාවගේ ප්‍රධානතම පානීය ජල මූලාශ්‍ර හඳුනාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. ඒවගේම මහනුවර වැව, මහවැලි ගඟ, මැද ඇල ආදී ස්ථාන රැසක් අපජලය නිසා දීර්ඝ කාලයක් තිස්සේ දූෂනය වීම අදින් අවසන්ව නිර්මල වන සුපිරිතුරු ගං කොමලිය නිසා මිරිදිය සම්පත දුෂනය ද වැළකෙනු ඇත.

    මෙම ව්‍යාපෘතිය නිසා වැසිකිළි සඳහා යොදාගන්නා පූතික ටැංකි මින් ඉදිරයට අවශ්‍ය නොවන නිසාවෙන් එම නාගරික බිම් කොටස වෙනත් අවශ්‍යතාවයකට නගරවාසීන්ට භාවිතයට ඉඩ කඩ සැලසේ. ඒවගේම ගෘහස්ථ අපජලය ද එම පරිශ්‍ර වලින් ඉවත්වේ. ඒ හේතුවෙන් මැස්සන්, කැරපොත්තන්, මදුරුවන් වැනි ජීවින් බෝවීමද පාලනය වනු ඇත. ඒ වගේම පූතික ටැංකි වලින් ඉවත් කරගන්නා මල අපද්‍රව්‍ය වෙනුවෙන් ගලි බවුසර් සේවාව අවශය නොවීම හේතුවෙන් ඔබගේ පසුම්බියට සහනයකි. මෙම ව්‍යාපෘතියට සමගාමීව නගරයේ පොදු වැසිකිළි 12 ක්ද, පොදු නාන ස්ථානයක් ඉදිකිරීම ද අවසන්ව ඇත. එසේම අඩු ආදායම් ලාභී පවුල් 512 ක් ප්‍රතිලාභීන්ගේ දායකත්වයෙන් වැසිකිළි ඒකක ඉදිකර අවසන්ව ඇත.

    මෙම අපජල කළමනාකරණ ව්‍යාපෘතිය පොම්පාගාර 10 ක් ඔස්සේ ක්‍රියාත්මක කරමින් ප්‍රධාන පොම්පාගාරය හීරැස්සගල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරේ. මෙහි ප්‍රධාන අපජල පිරිපහදු ඒකකය ගන්නෝරුවේ අක්කර 09 ක භූමි භාගයක නවීන තාක්ෂණය අනුසාරයෙන් ක්‍රියාත්මකය. මෙම අපජල පවිත්‍රාගාරය දකුණු ආසියාව තුළ ක්‍රියාත්මක සාර්ථක පවිත්‍රාගාර ඒකකයක් බව විශේෂඥයින් පෙන්වා දී තිබේ.

    අතිගරු ජනාධිපතිතුමන් සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලට අනුව 2025 දී සැමට පානීය ජලය ලබාදෙන වැඩසටහන ක්‍රියාත්මක කරනවා සේම මෙවැනි වූ අපජල ව්‍යාපෘති 02 ක් මේ වන විට රත්මලාන,මොරටුව හා මීගමුව සිට මාතර දක්වා ප්‍රදේශවල රුපියල් මිලියන 1420 ක් වියදමින් ක්‍රියාත්මකය. මහජන සනීපාරක්ෂාව සහ තිරසාර පරිසර පද්ධතියක් ගොඩනැගීම උදෙසා මධ්‍ය කාලීන, දිගුකාලීන හා කෙටිකාලීන ව්‍යාපෘති ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ හා සියළු නිළධාරීන්ගේ ද අමාත්‍යාංශ ලේකම්තුමාගේ ද, රාජ්‍ය අමාත්‍යතුමාගේ ද සහයෝගයෙන් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජනතාවාදීව කටයුතු සළසා ඇත

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya