මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසංගතය මෙන්ම ආර්ථිකයද කළමණාකරණය කිරීම වැදගත් - සෞඛ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 17, 2021

    කොවිඩ් ව්‍යසනයට මුහුණ දෙමින් රට ගොඩනැංවීම උදෙසා වසංගතය මෙන්ම ආර්ථිකයද කළමනාකරණය කිරීම අතිශය වැදගත් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    මෙහිදී ඉහළ විදේශ විනිමයක් ඉලක්ක කෙරෙන සංචාරක ක්ෂේත්‍රය ප්‍රමුඛ වන බවත් ඉන් ලැබුණු ඇමරිකානු ඩොලර් බිලියන 5 ක පමණ වන ආදායමක් අහිමි වූ බවත් අමාත්‍යවරයා කීය. ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය කාර්යාලයේ නිලධාරීන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ (16) පැවති සාකච්ඡාවකට සෞඛ්‍ය අමාත්‍යවරයා එම අමාත්‍යාංශයේ සිට එක්වෙමින් මේ බව කීය.

    මෙරට රෝහල් පද්ධතියේ ඔක්සිජන් සැපයුම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. ඔක්සිජන් නිෂ්පාදන යන්ත්‍ර ස්ථාපිත කිරීම, ගබඩා කිරීමේ ටැංකි ස්ථාපිත කිරීම, රෝගීන් සඳහා වන වල පද්ධති ස්ථාපිත කිරීම, ඔක්සිජන් නිෂ්පාදන ජංගම රථ වැඩපිළිවෙල ආරම්භ කිරීම ආදී ව්‍යාපෘති යෝජනා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

    වසංගතය සමඟ ජනතාව ජීවත් වීමේ රටාවකට හුරු වීම වැදගත් වනු ඇැතැයිද ඒ තුළ ඇතැම් සීමාවන් ලිහිල් කරමින් ක්‍රම ක්‍රමයෙන් සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය වැඩපිළිවෙල සකස් විය යුතු යැයිද ඒ මහතා පැවසීය. වසංගතය සම්පූර්ණයෙන් තුරන් කළද යළි එවැන්නක් ඇති නොවීමට ක්‍රියා කළ යුතුව ඇතැයිද එනිසා ඉදිරි අනාගතය දකිමින් ඒ තුළ ක්‍රියාත්මක වීම වැදගත් යැයිද අමාත්‍යවරයා පැවසීය.

    වසංගතයත් සමඟ අනාගතයට මුහුණ දීමට අනෙකුත් රටවල් සමඟද සාකච්ඡාවන් ඇති විය යුතු බවද විශේෂයෙන් මේ වන විට අප එවැනි වැඩපිළිවෙලවල් සඳහා යොමුව ඇති බවද අමාත්‍යවරයා කීය. කොවිඩ් ව්‍යසනයේදී රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම සැපයුම්කරුවන්ගේ දායකත්වය වඩාත් ඉවහල් වූ බවත් විශේෂයෙන් ඉල්ලුම සලකා බලමින් ඒ සඳහා වන නිසි සැපයුම
     කිරීම ව001120ඩාත් යෝග්‍ය බවත් අමාත්‍යවරයා පැවසීය.

    මෙයට මාස කිහිපයකට පෙර ඔක්සිජන් , ඇඳන් හා එන්නත් ආදියේ ඉල්ලුම ඉහළ මට්ටමක තිබූ බවත් අද එයට වඩා වෙනස් ඉල්ලුම් තත්ත්වයක් ඇතිවන බවත් හෙතෙම කීය. එ් අනුව මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීම වඩාත් වැදගත් වනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ අතිරේක ලේකම් වෛද්‍ය සේවා වෛද්‍ය සුනිල් ද අල්විස් යන මහත්වරු සහභාගි වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya