අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට නව ගොඩනැගිලි සංකීර්ණයක්

    ඔක්තෝබර් 22, 2021

    දීර්ඝ කාලයක් පුරා නිසි දියුණුවකට හෝ ප්‍රතිසංස්කරණයකට ලක් නොවූ හුරුළුවැව රෝහලට නව ගොඩනැගිලි සංකීර්ණයක් ලබා දීමත් පැරණි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් ආරම්භ කරන ලදී.


    හුරුළුවැව ගොවිජනපදයේ දහස් සංඛ්‍යාත පිරිසක් මෙම රෝහලින් සේවය ලබා ගනිති. ගරු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ඉල්ලීම මත රෝහලේ ඉදිකිරීම් කටයුතු කොන්ත්‍රාත්කරුවන්ට ලබා දීම වෙනුවට ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් එම ඉදිකිරීම් සිදු කරනු ලබයි.

    අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, ස්ථාන භාර වෛද්‍ය නිලධාරී, ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකා කර්නල් චමල් මහේන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya