මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාණ්ඩ සඳහා පැවති පාලන මිල ඉවත් කළේ, නිෂ්පාදකයා ,පාරිභෝගිකයා සහ වෙළඳහිමියා යන පාර්ශව ත්‍රිත්වයටම සාධාරණවයක් අවශ්‍ය නිසයි

    ඔක්තෝබර් 09, 2021

    භාණ්ඩ සඳහා පැවති පාලන මිල ඉවත් කරනු ලැබුවේ නිෂ්පාදකයා ,පාරිභෝගිකයා සහ වෙළඳහිමියා යන පාර්ශ්ව ත්‍රිත්වයටම සාධාරණවයක් අවශ්‍ය නිසා බව සමුපකාර සේවා , අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    අත්‍යවශ්‍ය භාණ්ඩවල පාලන මිල ඉවත් කිරීම සම්බන්ධව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සමුපකාර සේවා , අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් Zoom ඔස්සේ පැවැත්විණි.

    සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.එම භාණ්ඩවල මිල අනවශ්‍ය ලෙස ඉහළයෑමට ඉඩ නොතබන ලෙස ද ජනාධිපතිවරයා අමාත්‍යවරුන්ට උපදෙස් දී ඇත.

    අමාත්‍යවරයා කියා සිටියේය.මෙම සමාගම් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව වෙළඳපොළ තුළ ඉදිරියේදී මෙම භාණ්ඩ හිඟයක් ඇති නොවන පරිදි සැපයුම් ලබා දීමට උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    ලෝක වෙළඳපොළ තුළ පසුගිය කාලසීමාවේදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගිය බවත් රජය එම බර ජනතාව මත පැටවීමට අකමැති වූ බවත් ඒ වෙනුවෙන් ගතහැකි සියලු පියවරයන් ගත් බවද පාලන මිල ක්‍රියාත්මක කරනු ලැබුවේද එහි එක් පියවරයක් ලෙස බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.දීර්ඝ කාලයක සිට මෙම සමාගම් භාණ්ඩවල මිල වැඩිකර ලෙස ඉල්ලීම් සිදු කළ බවද ආමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    අද සවස පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව මෙම භාණ්ඩවල මිල ප්‍රකාශ කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
    අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අනවශ්‍ය පරිදි ඉහළ දැමීමට කටයුතු කරන්නේ නම් නැවත පාලන මිල පැනවීමට කිසිවිටෙකත් පසුබට නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.රජයේ අරමුණ වන්නේ කිරිපිටි ආනයනය නැවැත්වීම බව පෙන්වා දෙන අමාත්‍යවරයා දේශීය දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගන්නා බවද පැවසීය.

    තවද මිල පාලනය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ භාණ්ඩවල මිල ඉහළ ගියද පාරිභෝගිකයා තමා මිලදී ගන්නා භාණ්ඩ පිළිබඳව දැනුවත් විය යුතු බවත් තෝරාගැනීමට හැකි පරිදි භාණ්ඩවල විවිධත්වයක් වෙළඳපොළතුළ පැවතිය යුතු බවත් කියා සිටියේය.වෙළඳපොළ හැසිරීමට රජය මැදිහත් නොවිය යුතු බවත් පාරිභෝගිකයා බුද්ධිමත්ව තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගතයුතු බවත් එය පාරිභෝගිකයාගේ තීරණයක් බවත් දනනාත් මහතා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya