අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ජාතික රෝහලේ නව කොවිඩ් ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

    සැප්තැම්බර් 26, 2021

    මහනුවර ජාතික රෝහලේ නව කොවිඩ් ප්‍රතිකාර ඒකකය අද ( 26) විවෘත කෙරේ.

    මහනුවර ජාතික රෝහලේ ඉදි කෙරුණු නව කොවිඩ් ප්‍රතිකාර ඒකකය ඉරිදා (26) පෙ.ව. 9.30 ට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් විවෘත කෙරේ.

    මෙම ඒකකය රෝගී ඇඳන් 150 කින් යුක්ත වන අතර එහි ඇඳන් 80 ක් සඳහා ඔක්සිජන් යන්ත්‍ර සවි කර ඇත. පහසුකම් රැසකින් සමන්විත නව කොවිඩ් ප්‍රතිකාර ඒකකය, අධි සත්කාර
    ඒකකයකින්ද යුක්තය. විවිධ ආගමික නායකයින්,වෛද්‍යවරුන්,ව්‍යාපාරිකයන් ඇතුළු නොයෙක් පිරිස් මෙන්ම සංවිධානයන්හි පරිත්‍යාග ඔස්සේ මෙය ඉදි කෙරුණු බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා කීය.

    මෙම නව කොවිඩ් ප්‍රතිකාර ඒකකය සඳහා ඇතුළු වීමට වෙන්වූ වෙනම ප්‍රවේශ දොරටුවක් සකස් කර ඇති අතර, එනිසා සාමාන්‍ය රෝගීන්ගෙන් මිදී එම ඒකකයට ප්‍රතිකාර සඳහා පහසුවෙන්ම
    රෝගීන් ඇතුළත් කළ හැකි බැව් රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya