අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී මිළ මදි කියා උද්ඝොෂණය කරන්නේ වී මාෆියාවේම කොටසක් විදිහටයි- රජරට ගොවීහු

    සැප්තැම්බර් 20, 2021

    රජයේ සහතික වී මිළ අල්ලාගෙන දැන් ක්‍රියාත්මක වන්නේ වී ගැන සහල් මාෆියාවක් බව රජරට ගොවීහු සඳහන් කරති.

    නාඩු වී කිලෝවකට රු. 05 ක් වැඩි කිරිම නිසා තමන්ට හෙක්ටයාර් 01 කට රු. 25,000 ක් ලැබෙන බවද එම මුදල අස්වැන්න නෙලා ගැනීමට යන වියදමට සමාන බවද ඔවුහු පෙන්වා දෙති.

    කොරෝනා වසංගත තත්ත්වය තුළ රටේ මතුව තිබෙන සමාජ ආර්ථික පසුබෑම හමුවේ ගොවීන් පාරට බස්සවා ගොවීන් හා රජය අතර ගැටුමක් නිර්මාණය කිරීමට දරණ උත්සාහය පරාජය කළ යුතු බවද රජරට ගොවීන් ආවධාරණය කරති.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොළොන්නරුව අලුත් වැව ගොවි සංවිධානයේ සෝමිපාල හිඟුරගේ හෙවත් කළුමල්ලි පෙන්වා දෙන්නේ වත්මන් රජය ගොවිජනතාවට ලබා දී ඇති සහන වෙනත් කිසිම රජයකින් ලබා දී නොමැති බවය. ඉස්සර සන්ලයිට් පෙට්ටි වාගේ පෙට්ටි ගෙනල්ලා අපේ වී ටික හූරාගෙන කෑවා. දැන් ගොවීන්ට තම අස්වැන්න නියමිත ප්‍රමිතියෙන් කිරලා නියම මිලක් ගෙවනවා. අපේ සිංහල ගොවියා ලෙහෙසියට වැඩ කරන්න බලන්නේ. ඒ නිසා තමයි කාබනික පොහොර වගාව පිළිබඳ බියක් ඇතිකරගෙන කලබල වෙලා තියෙන්නේ. කම්මැලි නැතිව කාබනික පොහොර වගාව හරියට කලොත් ලෙඩ දුක් නැතිව අපේ දූ දරුවන්ට ජීවත් වෙන්න පුළුවන්. මේ වසංගත රෝගයෙන් ජනතාව බේරා ගන්නට රජය කෙතරම් මුදලක් වැය කරනවද? ඒ අතර තුර තමයි ගොවියා රැක ගන්නත් රජය කැප වී කටයුතු කරන්නේ. සමහරු ගොවියා පාරට බස්වලා රජය පෙරළන්න හදනවා. ගොවියා ඒ මෝඩකම්වලට අහුවෙන්නේ නෑ.

    ණාගපොකුණ, ඩී 20 බෙදුම් ඇල ගොවි සංවිධානයේ ලාල් ලියනගේ මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ නාඩු වී කිලෝවකට රු. 5 ක් වැඩි කිරීම ගොවියාට විශාල වාසියක් බවය. අපි පහුගිය කාලයේ වී විකුණා ගත්තේ රු. 29/- , 30/- ටයි. මේ රජයෙන් අපිට වී මිලට හොඳ මිලක් ලැබිලා තියෙනවා. ඒ මිල තවත් ඉහළ යනවානම් හොඳයි. නමුත් ආණ්ඩුව මේ වසංගත කාලේ මේ විදිහට හරි ගොවීන්ට සලකන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. අපි අමතක කරන්න හොඳ නෑ ඉකුත් පාලන සමයේ රටේ කිසිම වසංගතයක් නැතිව පොහොර සහනාධාරය නොදී වී ගත්තේ රු. 30 ට කියලා.

    අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම් ගොවියා බිය ගන්වලා, ගොවියාට වැරදි වැටහීම් ඇති කරලා, බලාපොරොත්තු දීලා මේ රටේ ගොවි ජනතාව තවත් අසරණ කරන්න එපා කියලා ඒ වැඩේ කරන අයගෙන් අපි ඉල්ලා සිටිනවා යැයිද ඔහු කීවේය.

    රජයට කෙතරම් අපහසුතා තිබුණ ද ගොවි ජනතාවට පහසුකම් සැලසීම අඩුකර නැති බව අපට නිරීක්ෂණය විය. පොළොන්නරුව ගිණිපෙට්ටි පාලම අසලින් ගලා යන අංක 1 ඩී උතුරු ඇළ රු. ලක්ෂ 400 ක් වැය කොට ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කඩිනමින් සිදුවෙමින් පවතී. ග්‍රාමීය වාරිමාර්ග හා වැව් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඉදිවන මෙම ඇළ මාර්ගයේ දිග මීටර් 190 ක් හා මීටර් 7 ක් පළලට උස මීටර් 02 කි. කොන්ක්‍රීට් අතුරා ඉදි කරන මෙම ඇළෙහි ඉදිකිරීම් කඩිනම් කර මහ කන්නයට ගොවීන්ට ජලය ලබාදීමට පියවර ගන්නා බව එහි වැඩබිම් ඉංජිනේරුවෙකු අප සමඟ කීවේය. එහි දී අපට හමු වී පොළොන්නරුව ගොවි මිතුරු පදනමේ සංවිධායක පුබුදු ජයසමන් ගමගේ මහතා පෙන්වා දුන්නේ ගොවියන් යැයි කියාගත් දේශපාලන අත වැස්සන් පිරිසක් රජය අපහසුතාවයට පත් කිරීම සඳහා කරන බොරු උද්ඝෝජනවලට උත්තර දීම වෙනුවට ගොවීන් මහකන්නයේ කාබනික ගොවිතැනට සූදානම් වන බවය. “ඉතා සුළු පිරිසක් රටේ තැනින් තැනට යමින් උද්ඝෝෂණ කරනවා. හැමතැනම ඉන්නේ එකම කණ්ඩායමක්. අපේ ගොවි මිතුරු පදනමේ විතරක් පොළොන්නරුවේ ගොවියෝ 6,000 ක් විතර සාමාජිකත්වය ලබා තිබෙනවා. මේ කවුරුවත් රජය ගොවියාට සලකනවා මදි කියලා රජය විවේචනය කරන්නේ නෑ”. යැයිද ඔහු සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya