මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණය කඩිනම් කරන්න - සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

    සැප්තැම්බර් 01, 2021

    දිස්ත්‍රික් මට්ටමින් මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණ කටයුතු ඉතා කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුකවැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    ඒ අනුව වයස අවුරුදු 30-60 ත් අතර කාණ්ඩය මෙන්ම අවුරුදු 60 ඉක්මවූ පිරිස් සඳහා ලබාදෙන එන්නත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ මට්ටමින් ලබා දීම ඒඒ දිස්ත්‍රික්කයන්හි උපරිම විධිමත් අයුරින් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය එම්.ආනල්ඩ් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

    මේ වන විට දෙවන මාත්‍රාව ලබා දීම බොහෝ සෙයින් කෙරෙන අතර එය නියමිත දිනට නියමිත ස්ථානයේම නිසි අයුරින් ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    ඇතැම් දිස්ත්‍රික්කයන්ගෙන් ලැබෙන විවිධ පැමිණිලි සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසත්,මේ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්,පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අතර මනා සබඳතාවක් පවත්වාගෙන යා යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    එළඹෙන මුල් සතියේ එන්නත් මිලියන 04 ක් ලැබීමට නියමිත අතර එමගින් අවුරුදු 30 ඉක්මවූ පිරිස් සඳහා ලබාදෙන එන්නත්කරණය පූර්ණ ලෙස අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් මෙහිදී විශ්වාසය පළ කළහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya