මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔක්සිජන් ක්ෂණිකව ලබාදීම පිළිබදව ඉන්දීය රජයට කෘතවේදීත්වය පිරිනමයි

    අගෝස්තු 24, 2021

    මෙරටට ඔක්සිජන් ක්ෂණිකව ලබාදීමට ක්‍රියා කිරීම පිළිබදව ඉන්දීය රජයට හා ජනතාවට ශ්‍රී ලංකා රජයේ කෘතවේදීත්වය පළ කරන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මෙරට ඔක්සිජන් ධාරිතාවය අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා කිසියම් අර්බුදයක් මතුවීමට ප්‍රථම රජය කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු ආණ්ඩුව ඔක්සිජන් මෙට්‍රික් ටොන් 140ක් ක්ෂණිකව ලබාදීමට කටයුතු කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා, අපගේ අසල්වැසි මිත්‍රශීලී සහෝදර රාජ්‍ය වශයෙන් මේ සම්බන්ධයෙන් ඉන්දියානු ජනතාවට සහ රජයට කෘතවේදීත්වය පළකිරීමට අවස්ථාවක් කරගන්නා බවද වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya